Fri. Jul 5th, 2024
Spread the News

මානව හිමිකම් කොමසාරිස්‌ පෙබ. 5 දා ශ්‍රී ලංකාවට එයි

කීර්ති වර්ණකුලසූරිය

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පෙබරවාරි 5 දා ශ්‍රී ලංකාවට පැමිණේ.

ඔහු මෙරටට එන්නේ ජිනීවා යෝජනාවට අදාළ කරුණු ඉටුකර තිබේද යන්න විමර්ශනය කිරීමටය. මානව හිමිකම් කොමසාරිස්‌වරයා සමඟ ඔහුගේ නිල ප්‍රකාශකයාද මෙරටට පැමිණෙනු ඇත. ලබන ජුනි මසට පෙර ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දන්වා තිබුණි.