Fri. Jul 5th, 2024
Spread the News

ආචාර්ය සුදත් ගුණසේකර
පහතින් දැක්වෙන්නේ 26.10. 2020 වන දින උදේ පත්තරේ විස්තර (සිංහල) කියනවිට දැක්වූ ලෝක කොරෝනා සන්ක්යා  දැක්වු ආකාරයයි.

ලෝක තත්වය:-

ආසාදිතයින්  41,769,605
මියගිය ගනන 1,164,228

මේ සංඛ්‍යා සිංහල  මිනිහෙක් කියවන්නේ කෙසේද යන්නයි මගේ ප්‍රශ්නය?.  මන්ද මෙ දක්වා ඇත්තේ ඉංග්‍රීසි පාඨකයින් කියවන ආකාරයට බැවිනි.

පලමු  සංඛ්‍යා පෙල ඒඅනුව:-

ෆෝර්ටිවන් මිලියන්, සෙවන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් සික්ස්ටි නයින් තෞසන්ඩ් ඇන්ඩ් සික්ෂන්ඩ්‍රඩ් ඇන්ඩ් ෆයිව් යනුවෙන් කියවේ.

නමුත් මෙයම සින්හල මින්හෙක් කියවන්නේ හාරකෝටි දාහත් ලක්ශ හැට නමදාස් හයසිය පහ වශයෙනි.

ඒ අනුව කොමා යෙදීම 4,17,, 69, 605 වශයෙන් කල යුතුය. සිංහල මිනිහෙකුට එය කියවීය කැක්කේ එවිට පමණි.

එසේ නොකළහොත් සින්හල පාටකයා අන්ද්මන්ද වෙයි.

එමනිසා සින්හල පාඨකයින් වෙනුවෙන් පත්තරේ විස්තර ඉදිරිපත් කරන විට ඒ අනුව කොමා යොදනමෙන් මම ඉල්ලමි.

එසේ නොකලහොත් සින්හල මිනිහාගේ ඉන්ග්‍රීසි ගැති බව හා මානසික වහල්භාවය තවදුරටත් උග්‍රවී දවසක සින්හල කම නැත්තටම නැතිවනු ඇත.