Spread the News

මාතෘත්වය  !
Dad \ Mom
බටහිර ඉගෙනීම , බටහිර භාෂාව , බටහිර ජිවන කලාව (Western life style) , බටහිර වෘත්තීන්  , සැප මොරර් රිය ,  සැප නිවහන , පර්චස් 20 ,  අන්තර්ජාලය.
ගැබිණි මව්ගේ සිහින  !
බටහිර අධ්‍යාපනය , බටහිර භාෂාව , බටහිර ජිවන කලාව , බටහිර වෘත්තීන් , සැප රිය , සැප නිවහන , “කුරුළු කැදැල්ල” , පර් චස් 20 , අන්තර්ජාලය , බටහිර වූ විමුක්තිය.
Kid
බටහිර ඉගෙනීම (Western education) , බටහිර භාෂාව , බටහිර ජිවන කලාව , බටහිර වෘත්තීය (Professionalism) , බටහිර රිය , බටහිර නිවහන , අන්තර්ජාලය , බටහිර මව් බිම.
මාතෘත්වය !
මව්බිම , අම්මා වන් දේශය , ස්වරාජ්‍ය ,  ප්‍රෞඩත්වය , ස්වදේශීයත්වය , උරුමය පිලිබඳ වූ ඉගැන්වීම, ස්වදේශීක ජිවන කලාව , ස්වදේශික වෘත්තීන් , අන්තර්ජාලය , ස්වදේශික විමුක්තිය.
සැබෑ මාතෘත්වය දෙස බලන්න.
මවක් මෙහෙය වූ මව් බිම බේරාගත් තීරණාත්මක හටන !
 සෙනෙවිවරුනි ……! අපගේ නායකයා මෙන් වේශ නිරූපිත මිනිසුන් යුධ බිමෙහි යොදවන්න. ඔවුන් රාජාභරණයෙන් සරසවන්න. දකින්නකුට අපගේ නායකයාම යයි සිතෙන ආකාරයට ඔවුන් සැරසිය යුතුය.
සතුරු හමුදාවේ සිටි දැවැන්තම මෙන්ම උසම සෙනවියා ගේ සටන් ක්‍රමය දෙස විචක්ෂණව බලන්න. තම සුරතක වූ කඩුව වේගයෙන් කරකැවිමත් සමග අහසට පනින ඔහු අහසේ සිට පැන අප සේනාවේ වූ මිනිසුන් ඝාතනය කරනා සැටි බලන්න. හරි ! පුත ! ඔහුට දැන් බොහෝ වෙහෙසය. අවසාන ඔහු ඔබ කෙරේ එනු ඇත. ඔහු ඔබ යයි සිතා ඔබ වැනිම වූ අනුරූ විශාල සංක්‍යාවක් දැනටමත් විනාශ කොට ඇත. දැන් ඔහු බොහෝ විඩාවට පත්ව ඇත. ඔහු කෙසේ හෝ මිට්ටෙක් කරගත යුතුය. එය කරන්නේ කෙසේද ? පෙර මෙන්ම දිනෙක ඔහු අහසේ සිට පැන තම කඩු පහර ඔබ හිස් මුදුන බලාපොරොත්තුව එල්ල කරනු ඇත. ඔබ ඔබගේ පලිහ ඒ වෙත යොමු කරන්න. ඒ සමගම ඔබ ඉන් ඉවත්වන්න. වහෙස සමග ඉන්නා ඔහු ඔහුගේ දැඩි පහරත් සමග පලිහ කපාගෙන බිම ඇද වැටෙනු ඇත. එවිට උස් ඔහු මොහොතකට මිට්ටෙක් වනු ඇත. අන්න ඔබගේ සගයාට අවස්තාව.
උස සටන්කරුවකු වන මොහු අහවර කල යුත්තේ ඒ ආකාරයටයි……… !
මේ මවක් එදා තම පුතුට දුන් යුධ උපදේශයයි  ……..!
සැප වෙනුවෙන්ද ?
දෙරණ බේරාගැනීමක් වෙනුවෙන්.
සුරනිමල
අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටියද දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.
මිනිසුනි !
ඔබ බටහිර අධ්‍යාපනයේ යෙදෙන්නෙකි. නමුත් ඔබ එය ඉගෙනගන්නේ මව් බිමේ පයගසාගෙනය.
ඔබ බටහිර දැනුම ගත් උගතෙකි (Professional) . නමුත් ඔබ නිදන්නේ මේ බිමේය.
ඔබ ෂඩ්භාෂා පරමෙශ්වරයෙකි. නමුත් ඔබ සිතන්නේ දේශීය භාෂාවෙනි. ඔබට සිතීම වෙනත් භාෂාවකින් කල නොහැකිය.
ඔබ බටහිර ජිවන රටාවේ (Western Culture) යන්නෙකි. නමුත් ඔබ එය අනුගමනය කරන්නේ බටහිරක සිට නොව ඔබ උපන් මව්බිමේ සිටය.  Culture you follow might b Western but you live in your motherland.
රැකියාව බටහිර වුවාට රැකියාව කරන්නේ මෙහේ සිටය.
රිය විදේශීය වුවාට ඔබ එය පදවන්නේ මෙහේය.
නිවහන බටහිර ආකාර වුවාට ඔබ එය ගොඩනඟා ඇත්තේ මෙහිය.
බටහිර වූ අන්තර්ජාලය ඔබ පාවිච්චි කරන්නේ මෙහි සිටය.
ඉතින්…?
බටහිරත්වය ඉගෙන ගත්තද , බටහිර දේ අගය කලාද , බටහිර ක්‍රමය අනුගමනය කලාද , බටහිර ක්‍රමයට අනුගත වුවාද , බටහිර ඔබ උගතකු කලාද , බිනුම බටහිර වුවාටද , රිය බටහිර වුවාටද , නිවහන බටහිර පන්නයේ වුවාද , බටහිර අන්තර්ජාලය ඔබ පරිශීලනය කලා වුවද , බටහිර ඔබට බටහිරත්වය දීමට සුදානම් නොවෙති. බටහිර ඔබ බටහිරයකු යයි නොකියයි.  
එයයි යතාර්ථය.
එනිසා,
පැවැත්ම සඳහා සියල්ලම බටහිර වුවත්,
 අපි, අපි උපන් මව් බිම රැකගනිමු. අපි අපිම රැකෙමු. අපේ උරුමය රකිමු.
ස්තුතියි !