Mon. Jul 8th, 2024
Spread the News

මහින්ද – මෛත්‍රී රට ගැන
අනාගත සැලසුම් ප්‍රකාශ කරති
‘දියුණු රටක්‌’
– මහින්ද කියයි

අනුර බාලසූරිය, ක¹න විශේෂ රුක්‌මන් පිංතු

තිස්‌ වසරක්‌ පැවැති යුද්ධය අවසන් කළ තමාගේ මීළඟ බලාපොරොත්තුව රට සංවර්ධනය කරා ගෙන යැම බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (29 දා) ජාඇල පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් පැවසීය.

යුද්ධය පැවති සමයේ රටත් ජනතාවත් මුහුණපා සිටි කුරිරු තත්ත්වය මේ වන විට ඇතැම් අයට අමතක වී තිබෙන බවද හෙතෙම කීය.

ජාඇල පැවැති එම රැලිය අමතා තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය.

යුද්ධය අවසන් කිරීමෙන් පසු මගේ ඊළඟ අරමුණ වුණේ රට සංවර්ධනය කර ජනතාවට යහපත් අනාගතයක්‌ උදාකර දීමයි. ඒ ගමනේ බොහෝ දුරක්‌ මේ වන විට පැමිණ තිබෙනවා. මේ ඡන්දයෙන් පසු ඉතිරි වැඩ කොටස අවසන් කර දීමට මා කැපවෙනවා.

අද ඇතැම් අය වෙනසක්‌ ගැන කතා කරනවා. ඔවුන් වෙනස ගැන කතා කරන්නේ අතීතය අමතක කර දමමිනුයි. යුද්ධය අවසන් කර අපි මේ රටේ වෙනසක්‌ ඇති කළා. සෑම නගරයක්‌ම අලංකාර කර රටේ සංවර්ධනය ආරම්භ කරමින් අපි වෙනසක්‌ ඇති කළා. මේ ඡන්දය ජයගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර දෙමින් සැබෑ වෙනසක්‌ ඇතිකරනවා.