Wed. Jul 3rd, 2024
Spread the News

අපේ ලංකාවේ තවත් ජාතියක කටු කන පිරිසකුත් ඉන්නවා.

මස් ටික කාලා ඉවතට විසි කරන කටු කන්න බලාගෙන ඉන්න පිරිස දවස ගානෙම වැඩි වෙනවා.

මාළු දෙන්න බැරි නම් කටු හරි දෙන්න කියා ඉල්ලමින් විලාප නඟන මිනිසුන්ගේ හඬ හැර තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන කතා කරන්න මුන්ට කටවල් නැත.

හුඹස් කටවල් වගේ මේ කටවල් උදේ හවස කට ඇරගෙන බලාගෙන ඉන්නේ මස් නැත්නම් කටු හරි කන්න.

මස් ටික තමන් කාළා කටු ටික විසිකරපු එකාට වලිගය වනා කෘතඥතාවය පළ කරන බල්ලන් තමන්ගෙන් මස් ටික උදුරාගත් මිනිසාට බුරන්නේ නැත.

දුටු තැන තැන කන්න හදන්නේ ලැබුණු කටු ටික නොව ඒ කට්ටට අයිතිවාසිකම් කියන්න එන අනෙකුත් බල්ලන්වය.

ඉතිහාසය පුරා මේකට පන්ති අරගළය කියා කිව්වත්, මේක ඇත්තෙන්ම තම තමන්ගේ එවුන් කාගන්නා බලුපොරයක්!

-තෙවැනි ඇස-

21.03.2024