Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy Kent Kroeger

මූලික මනුෂ්‍ය ස්වභාවයන් කාලය හා යුගයන් අතර වෙනස් වන්නෙ ඉතාමත් අල්ප වශයෙන්.

මනුෂ්‍යත්වය ද සත්ත්ව සහජාසය ද වඩාත් වැදගත් වන්නේ කියන සාධකය කරලියට එන්නේ අනාරක්ෂිතභාවය ඉහළ පහළ යාම නිසා බව අප විසින් කරන ලද පර්යේෂණ වලදී විද්‍යාත්මකව පැහැදිලි වුණා.

දේශපාලනයේ අරමුණ විය යුත්තේ මිනිසුන් වෙනස් කිරීම නොව සාධාරණත්වය හා සමානාත්මතාවය පුරුදු පුහුණු කිරීමට අවශ්‍ය කරන සමාජ පසුබිම නිර්මාණය කිරීමයි.

දේශපාලනයට එන්න පොරබදන මිනිසුන්ගේ වාචික ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් අවලෝකනය කළ විට ඔවුන්ගේ සැබෑ අරමුණු කුමක්ද යන්න පැහැදිලි වෙනවා.

දේශපාලන ප්‍රචාරක කටයුතුවලදී වංචනික දේශපාලකයින් පෙන්වන පරාර්ථකාමිත්වය
යථා ජීවිතයේදී ඔවුන් ලඟ තිබේද යන්න සොයා බලා මිස කිසි කෙනෙක් ඔවුන්ව විශ්වාස නොකළ යුතුයි.

– එඩ්වර්ඩ් –
06.04.2023