Sun. Jul 7th, 2024
Spread the News

Freedom of expression යටතේ Right to franchise අයිතිය තියෙනවා කියලා තර්ක කරන්නේ මේ රටේ වෙනම රාජ්‍යයක් හදන්න කටයුතු කරන පුද්ගලයන් සහ කණ්ඩායම් වේ.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ freedom of expression කියන්නේ බුද්ධ ශාසන නීතියෙන් පවරා තිබෙන කාර්ය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා වූ නිදහසයි.

සිංහල ශිෂ්ටාචාරය බෞද්ධ සංස්කෘතිය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා භාෂණයේ නිදහසයි.

Right to franchise කියන්නේ බුද්ධ ශාසන නීතිය යටතේ සිංහල ජාතිය සතු පරමාධිපත්‍යය බලය ප්‍රකාශ කිරීමට ඇති නිදහසයි.

නමුත් මේ දක්වා සිදු කරනු ලැබ ඇත්තේ freedom of expression කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පලමු පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි. එහි වගන්තියෙන් වගන්තිය නිෂේධනය කිරීම යි.

Right to franchise කියලා කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදය 9 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. එසේ කිරීමත් සමග සමාන්තර ආන්ඩුවක් තනා වෙනම රාජ්‍යයක් සිංහල රටේ බිහිකිරීමට කටයුතු කිරීමයි.
©2023

✍️ ඉන්දික සහභණ්ධු,
භූදේශපාලන නිරීක්ෂක ආසියානු සහශ්‍රකය