Spread the News

බොරුව විමධ්‍යගත කිරීම !

මෙම පින්තුරයේ පෙනෙන්නේ බැතිමතෙක් දළදා මාලිගාවේ කෞතුකාගාරයේ වූ පින්තුරයක් දෙස ඉතා අවධානයෙන් බලා සිටිනා අවස්තාවක්.

ඔහු මේ බලන්නේ කුමක්ද ?

ඔහුට ඉහලින් එල්ලා ඇති පින්තුරයක් දෙස ඔහු ඉතා අවධානයෙන් බලයි.

එතන එල්ලා ඇති පින්තුරය කුමක්ද ?

සුදු මිනිසුන් අප රට අල්ලාගෙන සිටිද්දී එවකට මේ රට පාලනය කල සුදු ආණ්ඩුකාරවරයාට මෙරට මිනිසුන් දන්ත ධාතුන් වහන්සේට වැඳීම සම්බන්ධයෙන් මහා ප්‍රශ්නයක් තිබුනේය.

මිනිසුන් මේ දතකට වඳින්නේ ඇයි ?

“මෙම දත ඔය කියන තරම් බලවත් නම් මේ ගැන පරීක්ෂණයක් කරමු “  ආණ්ඩුකාරවරයා තීරණය කළේය. දිනක් ඊට යොදා ගැනිණි. මිනිසුන් රැස් කෙරිණි. ප්‍රසිද්ධ භූමියට ගෙන එනු ලැබූ දන්ත ධාතුව මිරිස් ගලක තබා තම සේවකයකුට ඊට කුළුගෙඩි පහරක් එල්ලකරන ලෙස දැන්විය.  ඔහු කුළුගෙඩිය ඔසවා මිරිස් ගල මත තබා තිබු දන්ත ධාතුවට වැරෙන් පහරක් එල්ල කළේය. කුළුගෙඩිය මිරිස්ගල වෙත ඒමට පෙර දන්ත ධාතුව මිරිස්ගලෙන් නික්මී අහසට පැනනැංගේය. අහසේ ආශ්චර්යයන් මවන්නට විය. වට වූ මිනිසුන් සාධුකාර දුන්නේය. සුද්දා අන්ද මන්ද විය.

අද මොහු මේ ඕනෑකමින් බලන්නේ එදා ඒ සිදුවීම ගැන ඇඳ ඇති පින්තුරය දෙසයි.

දහම පිරිහී රට මිත්‍යා දෘෂ්ටිකයන් වෙත පවතිද්දීත් මෙවන් ආශ්චර්යය එදා සිදුවිය. නමුත් අද දන්ත ධාතුව දළදා මාලිගාවේ නැත යයි බෞද්ධ යයි කියාගත් මිත්‍යා දෘෂ්ටිකයන් රැලක් රටේ මතවාදයක් පතුරුවන්නට උත්සාහ කරනු පෙනේ. ඊට ඔවුන් දෙන තර්ක වන්නේ දන්ත ධාතුන් වහන්සේට එහි නිසි පුදසත්කාර නොලැබීම සහ කරන පුදසත්කාර වංචා සහගතවීම යනු කරුණු දෙකයි.

දවසකට ලක්ෂ ගණනින් වැඳීමම පුදසත්කාරයක් නොවේද ?

ඔවුන් කියනා ආකාරයට දන්ත ධාතුව දළදා මාලිගාවේ නැත්නම් එය වෙන කොහේ තිබුනද එයට දළදා මාලිගාවේ තිබෙන විට කරන්නා වූ ආකාරයේ පුදසත්කාරයක් ලැබෙන්නේ නැත.  

බුදුන් වහන්සේ තම පිරිනිවීමෙන් පසුව ධාතුන් වහන්සේලා විසිරියන ලෙස අධිෂ්ටාන කලේ වැඩි දෙනෙකුට වැඩි පිනක් රැස්කර ගැනීම සඳහාය. එසේ තිබියදී තමාට වූ සත්කාරය මදියි කියා මිනිසකුට දෙන්නෙකුට පමණක් පින් රැස් කර ගත හැකි තැනක දන්ත ධාතුව ලැගුම් ගනීද ?

එසේ වෙයි නම් එදා…… සත්කාරය පසෙක තබා තමා කුළුගෙඩියෙන් තැලීමට සැරසෙන විටදීවත් එතනින් නික්මීමට දන්ත ධාතුවට නොහිතුනේ ඇයි ? එසේ වුවා නම් මෙවන් වූ ආශ්චර්යයක් හිමි දන්ත ධාතුන් වහන්සේට තමාට පහරදීමට පෙරම තම සුපුරුදු ලැගුම් ස්ථානය හැරදමා අන් තැනකට යාමට හැකියාව තිබුනා නොවේද ?

තම සිතැඟි ඉටුකරගනිමක් වෙනුවෙන් කරුණාකර මෙවැනි වූ බොරු විමධ්‍යගත කරන්න එපා…..!

ස්තුතියි !  

වෛද්‍ය ධම්මික විජේරත්න