Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy eastmojo

මෙතන තියෙන්නෙ මූලධර්ම කතාවක් නොවෙයි.

පැවැත්ම පිළිබඳ සත්ව සහජාශය ආගම් වලට ආදේශ කිරීමක්. බුදු දහමේ මූලධර්මවාදයක් නැහැ. බෞද්ධයකුට මූලධර්මවාදියෙක් වෙන්නත් බැහැ.

ලක් භූමියේ බුදු දහම පමණක් පැවති යුගයේ ප්‍රාථමික ඇදහිලි, බලි තොවිල් හා පුද පූජා වලට තහංචි පැනවීමක් සිදු වුණේ නැහැ.

එවැනි ක්‍රියාවන් තුළින් සසරෙන් එතෙර වෙන්නට බැරි බව පමණක් බුදුන් වහන්සේ මතක් කර දී තිබුණා.

ලංකාවේ මුහුදුබඩ තීරය ආක්‍රමණය කළ කතෝලික පෘතුගීසින්ට දුවන කම් පහර දුන්නේ බෞද්ධයින් නොවේ.
ප්‍රොතෙස්තන්ත ආගම අදහන ලන්දේසින්.

ඒ වෙලාවේ කතෝලිකයින්ව ආරක්ෂාකළේ සිංහල බෞද්ධ රජවරු. අදත් වහකෝට්ටේ ඉන්නේ, ලන්දේසින්ගෙන් බේරීම සඳහා සිංහල බෞද්ධයින්ගේ උපකාරයෙන් පලාගිය කතෝලික පිරිස්.

ඉන් පසුව රෙපරමාදු ලන්දේසීන් ව පලවා හැර ලංකාව පුරාම බලය පතුරුවා හරින්නේ එංගලන්ත සභාවට අයත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය.

යටත් විජිත සූරාකෑම සඳහා ඔවුන් එදා එකිනෙකාට විරුද්ධව යුද්ධ කළත්, අද ඔවුන් සියලු දෙනාම එකතුවෙලා ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයින්ට හා දමිළ හින්දූන් ටත් පහර දෙනවා.

ආගමික උන්මාදයෙන් පෙළෙන අය මූලධර්මවාදීන් වෙනවා. ආගම කුමක් ඉගැන්වූ වත් එය පරම සත්‍යයක් ලෙස ඔවුන් පිළිගන්නවා. ඊට අභියෝග කරන හැමදෙනාම ඔවුන්ගේ සතුරන් ලෙස සලකා විනාශ කරන්න උත්සාහ කරනවා.

වසර 2567ක කාලයක් තිස්සේ ලක් පොළොවේ මුළ් ඇද්ද, මේ වන විට දැවැන්ත වෘක්ෂයක් වී තිබෙන බුදුදහම,
කෑලිවලට කපා දරසේ පාවිච්චි කරන්න බෞද්ධයින්ට ම උගන්වන කලියුගය කයි අප මේ ජීවත් වන්නේ.

මේ දිවයිනේ සාමය ඇති වන්න නම්, බුදු දහමට හානි කරන සියලුම අන්‍ය ආගමික මූලධර්මවාදීන් මේ දිවයිනෙන් තොලොන්චි විය යුතුයි.

ලෝකයේ කොහේ හෝ තැනක, මැෂින් තුවක්කුවක් අතට ගත් උන්මත්තකයෙක් ආගමික සිද්ධස්ථානයකට කඩාවැදී එසේත් නැත්නම් පාරේ යන අහිංසක මිනිසුන් බුරුතු පිටින් මරා දමනවා.

ඒකේ පළිය ගන්න වින්දිතයින්ගේ කණ්ඩායම ඝාතකයින් අයත් වන කණ්ඩායම මරාදමනවා.

ඉතිහාසයේ කවරදාකවත් බෞද්ධයින්
එවැනි තිරස්චීන ක්‍රියාවල යෙදුණේ නැහැ.

සුද්දා නැවැත්වූ තැන සිට සිංහල බෞද්ධයින් සහ දමිළ හින්දූන් එකිනෙකා කෙටවීම කතෝලික පල්ලියට බාර වුණා. කෲර යුද්ධයක් තුළින් හෝ ඔවුන්ට එය කර ගැනීමට බැරි වුණා.

කනගාටුවට හේතුව නම් ප්‍රතිපත්තියක් ලෙස යුද්ද නොකරන බෞද්ධයාව අනෙක් ආගම්වල මූලධර්මවාදීන් ගොඩට ඇදදමා ඔවුන්ට යුධ ලේබලයකුත් ඇලවීමයි.

-තෙවැනි ඇස-
06.11.2023