Sat. Aug 24th, 2024
Spread the News

ආරියතිලක
2024.07.16

බුදු දහමට එල්ලවන තර්ජන වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර යුතු බව බුද්ධ ශාසන ආගමික සහ සාස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

අපරාධ නඩුවලට හසු වී දැනට සිර දඩුවම් විදින හෝ අපරාධ නඩුවලට සම්බධව අධිකරණයෙන් වැරදි කරු වී අත් හිට වූ හිර දඩුවව් විදින හෝ අපරාධ නඩුවකට සම්බන්ධව වරද කරු වී බන්ධනාගාර ගත වී දඩුවම් කාලය ඉක්ම වීමෙන් හෝ සමාව ලැබීමෙන් නිදහස ලද හෝ භික්ෂූන්ගේ නාම ලේඛනයක් සහ අපරාධ නඩුවලට සම්බන්ධව වැරදිකරු වූ ඒ ඒ භික්ෂූන්ගේ වරදෙහි ස්වභාවය සම්බන්ධ විස්තර සහිත ලේඛනයක් බුද්ධ ශාසන අමාත්‍යංශයේ සහ බෞද්ධ කටුයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් තුමා භාරයේ තබා ගැනීමට විධි විධාන සැලසීමත්, ඒ නාම ලේඛනයේ පිටපතක් මාස තුනකට වරක් ත්‍රෛයිනිකායේ මහා නායක සවාමින්ද්‍රයන් වහන්සේලාට දැන ගැනීම පිණිස යොමු කිරීමටත් කටයුතු කරන්නේ නම් යහපත් බව අපගේ අදහස ය. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ. අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ එකී ලේඛනයන්හි පිටපත් රටේ පුරවැසියන්ට ලබා ගැනීමට මඟ සැළසීමට ක්‍රියා කිරීම ද කාලෝචිත බව අපගේ අදහස ය.