Fri. Jul 5th, 2024
Spread the News

1850දී පළ කෙරුණු Henry Charles ගේ Ceylon and the Cingalese නැමැති ග්‍රන්ථයේ

“…..conference might take place at Dambadiva…” කියා සඳහන් කර තිබීම,
බුදුන් ඉපදුණේ ලංකාවේ කියා ඔප්පු කරන්න කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන මෝඩ තකතීරු වන්ට වල් ඌරන් කැකුණ තැළූ වහම හබන් කුකුළන්ට මඟුල් කිව්වා සේ, පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය බවක් පෙන්නුම් කරනවා.

Ceylon and the Cingalese ග්‍රන්ථයේ
” Dambadiva” ස්ථානයක් ගැන Henry Charles නම් තැනැත්තෙක් විසින් කර ඇති සඳහන අල්ලාගෙන ලෝකයක් ජයගත් පිරිසක් සේ හැසිරෙන මේ අඳ බාළයන් කල්පනා කරල බලන්න ඕනේ සුද්දෙකුට ඉංග්‍රීසි බැරිද කියල.

ඉංග්‍රීසි ජාතිකයකු වූ පොතේ කතුවරයා සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා ආණ්ඩුකාර North ” Dambadiva” කියන ස්ථානය යෝජනා කර තිබෙනවා කියා සඳහන් කරනවා.

හමුවෙන ස්ථානය ගමක් වැනි තැනක් වේ නම් at යන
preposition එක යොදන අතර එය විශාල නගරයක් හෝ රටක් වේ නම් in යන preposition එක යොදනවා.

දඹදිව කියන්නේ මේ පොතේ හැටියට රටක් නම් සුද්දා ලියන්නේ in Dambadiva කියලා.

ලංකාවේ ඉතිහාසය පමණක් නොවෙයි ඉන්දියාවේ ඉතිහාසයත් විකෘති කරන්න පල්ලියේ සල්ලිවලට කෑගහන අමනයින් පිරිසට ඉංග්‍රීසි භාෂාවේ එන at සහ in කියන පද වල තේරුම වැටහී නැති බවයි පෙනෙන්නේ.

මා මේ පෙන්වා දෙන තර්කයම ඇති දඹදිව කියන්නේ ලංකාවටයි කියලා ලක්වැසි ජනතාව ගොනාට අන්දන්න උත්සාහ කරන පිරිස කරන්නේ අමු අමුවේම ජනතාව රැවටීමක් කියලා.
අහෝ දෙව්දත් නොදුටු මොක්පුර!

  • තෙවැනි ඇස-
    12.10.2023