Fri. Jul 5th, 2024
Spread the News

මිටි තැනින් ජලය ගලා බැසීම ලෝක ස්වභාවයක්.

“ගණයො තමයි මේ හැමදේටම වගකියන්න ඕන” කියන තැනට එනකම් තමයි කවුරු කවුරුත් මේ දක්වා වූ තොවිළය නටල තියෙන්නෙ.

ලාංකීය ඉතිහාසයෙ හා සංස්කෘතියෙහි අග්‍රගණයේ ඵලයක් වන භික්ෂු සමාජය සමස්තයක් හැටියට ගරා වැටී ඇති බවක් පෙන්වීමට ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකරුවන් ජඩ මාධ්‍යයත් උපයෝගී කරගෙන ජනතාවගේ මොළ සේදීම කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන (NGO) ආයතන බහුතරයක් ක්‍රියාත්මක වන්නේ ඉහත කී අරමුණ වෙනුවෙන්.

බඩගින්නේ මිය ගියත් තමන්ගේ ජාතිය දේශය, තමන් විශ්වාස කරන දහම පාවානොදෙන මිනිසුන් තවමත් මේ රටේ ජීවත් වෙති.

පුදුමයකට මෙන් මෙම ද්‍රෝහී කමට දායකත්වය දෙන්නේ නැති බැරි එවුන් නොව යහමින් යමක් හම්බකරන එවුන්ය. තව එක ඩොලරයක් හෝ වැඩියෙන් ලබාගැනීම ඔවුන්ගේ එකම අභිලාෂයයි.

ඉතාමත් සටකපට අන්දමින් බුදු දහමේ හොඳ කියමින් බෞද්ධ බැතිමතුන්ව රැවටීමට කාදිනල් මැල්කම් රංජිත් හා බ්‍රදර් චාර්ල්ස් උත්සාහ කරන අතරේම ජාත්‍යන්තරයට දුන් පණිවිඩය වූයේ බෞද්ධ හමුදාවකද සහාය ඇතිව ශ්‍රී ලංකාව පාලනය කරන්නේ බෞද්ධ උන්මත්තකයින් පිරිසක් බවයි.

“සුදු ඇඳගෙන කළු ඇවිදින්” ගැන කතා නොකර “කහකඩයින්” ගැන සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන සම්ප්‍රප්පලාප දිනෙන් දින වැඩි වැඩිවෙමින් පවතී.

බුදුන්ගේ කාලෙත් දුස්සීල මහණුන් සිටියා නම්, මහින්දගේ හෝ රනිල්ගෙ යුගයේ ශ්‍රී ලංකාව දුස්සීල මහණුන්ගෙන් තොර විය හැකිද?
එහි පස්සිකෝ !

-තෙවැනි ඇස-
19.07.2023