Wed. Jul 3rd, 2024
Spread the News
මේ රැඩිකල් වාදීන්ගේ මත ගැටුමේ අවසානය භිෂණය නොවේද ? මේපිටිපස සිටින බටහිර රටවල හා එන්.ජි.ඕ කණ්ඩායම් කව්රුන්ද ? මේ ඇතිවන්නේ සුන්නි සියා වාදයක් වගේ අවුලක් ,වියවුලක් ,ගැටුමක් නොවේද ?

Picture

ගරු ජනාධිපතිතුමනි , ගරු අගමැතිතුමනි ,

බුදුදහම විකෘර්ති කොට, බුදුන් උපන්නේ ලංකාවේ යැයි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරණ හා ඒ  සම්බන්ධයෙන් කටයුතු කරණ පිරිස් වහා  නිතිය ක්‍රියාත්මක වී  පොලිස් අත්අඩංගුවට ගත යුතු නොවේද?

බුදුන් උපන් ලංකාවේ යැයි කියන කල්ලි ගැන අප කල මෑත පරීක්ෂණයකදී හෙලිවුයේ මෙම කල්ලි වල සාවද්‍යය මත වලට එරිහිව නොව හුදෙක් බුදුදහම හා එහි සැබෑ ඉතිහාසය ඉදිරිපත් කරන මල්වතු,අස්ගිරි හා අනෙකුත් ස්වාමින්වහන්සේලාට පවා මෙම පිරිස්  විසින් බලපෑම් කරන වගයි.

බුදුන් උපන්නේ ලංකාවේ කියන එම කල්ලි වල ප්‍රධාන ලක්ෂණය වන්නේ ” සං කුමක්ද ? බුද්ධ ගයාවේ නොවේ බුදුන් උපන්නේ, අනගාරික ධර්මපාල තුමාට වැරදිලා, බුදුන් උපන්නේ බඹරගල නැ එතන නොවේ කටු කැලේ , මහමායා දේවියගේ  ලිංග මාරුවක් උනා ඒ නිසා ගල් ගුහාවක දාලා තිබ්බා ඊට පස්සේ ඔවුන් කියන බුදුන් පඩිපෙලක් දිහේ පල්ලෙහාට බැස්ස මාතෘ දිව්‍ය රාජයා බලන්න ඉතින් ඒ සිද්ධිය මේ සහිත්‍ය කාරයෝ එක වෙනස් කරලා ලියල, මම බුදුවෙලා ඉන්නේ, මහාවංශය පට්ටපල් බොරු හා ඔවුන්ගේ කල්ලියේ සැම දෙනෙකුම රහත් වී හෝ මග පළ ලාභීන් බවයි.

ඔවුන්ට  විරුද්ධව  මත දරණ ඕනෑම පුද්ගලයෙකුට මඩ ගැසිමක්ද ඔවුන් විසින් දිනපතා සිදු කරයි.ඉතා ප්‍රබල ලෙස සිංහල භාෂාව නැසීමේ කුමන්ත්‍රණ යක්ද මේ ඔස්සේ ක්‍රියාත්මක වෙයි !

ඉතින් බුදුන් උපන්නේ මේ හෙළබිම තුල කියන පිරිස් හා  හා බුදුදහම විකෘර්ති කොට දේශනා කරණ අසත්‍ය තොරතුරු ප්‍රචාරය සම්බන්ධයෙන් කටයුතු කරණ පිරිස්  වහාම නිතිය ක්‍රියාත්මක කොට  ඔවුන්ව පොලිස් අත්අඩංගුවට ඇරගෙන ප්‍රශ්න කොට මේවා අස්සේ ඉන්න කල්ලි හඳුනාගෙන දඩුවම් පැමිණිය යුතු නොවේද?

අවරුදු 20 කට වඩා කාලයක්  ‘පවු’  මේ මිනිස්සු අපේ උන් කියා බල බලා සිටීමේ පාප කර්මය දැන් අප වෙතම හැරී කැරකි ඇවිත් ඇත. එදා ඒ පොඩි පැළය අද රූස්ස ගසක් වී ඇත. එයින් වැටෙන කුණු අඹ කෑමට ගන්නේ අපේ තරුණ හා ළමා පරපුර හා බොර දියේ මාළු බාන අන්‍යාගමික කරනයේ යෙදෙන පිරිස් බැවින් මොවුන් සම්බන්දයෙන් සොයා බලා නිතිය ක්‍රියකිරීමක කරන්න.

ප්‍රථමයෙන් අතිගරු මල්වතු හා අස්ගිරි හා අනෙකුත් නිකායික නායක හාමුදුරුවන් වහන්සේලාගෙන් මේ පිළබඳ කරුණු විමසා බලන මෙන්ද ඉල්ලා සිටිමු.

රට දැය සමය හා ඉතිහාසය හා සම්බුද්ධ ශාසනය රැක ගැනීමට තවත් තිබෙන්නේ සුළු කාලයකි.

තවද වෙනත් ආගමික කල්ලිද බොදුනුවන් රහසේ වෙනත් ආගම් වලට හරවති .නමුත් නො. 19/2003 ශෙ‍්‍රෂ්ඨාධිකරණය තීරණය. එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.

ඉතින් මේ බුදුදහම නමින් අලුතින් භිහිවී යන ‘සං දහම් දේශකයන්ද , ඉතිහාසය  විකෘර්ති කරමින් අපේ මුතුන් මිත්තන් පවා දිවි හිමියෙන් සුරැකි බුදුදහම  බෞද්ධ වේශයෙන් සිට වෙනත් මගකින් විනාශ කිරීම හා එම මත බලපෑම් කිරීමෙන් හා වංචනික ලෙස පිළිගැනීමට උපක්‍රම යෙදීම අපේ මුලික අයිතය වන නිදහස් චින්තනය බලපෑම් කිරීමක් වශයෙන් ගත හැකි බවත් එය නීති විරෝධි ද වේ.

ඉතින් ජනාධිපතිතුමනි, අගමැතිතුමනි ,ඔබට හා මට මගේ මුතුන් මිත්තෝ කියලා දිලා  නැහැ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියලා. අවරුදු දහස් ගානක් තිස්සේ මුතුන් මිත්තෝ වන්දනාමාන කලේ බුදුරජනවහ්න්සේට දඹදිව පහළවුණු කෙනෙක් හැටියට.නමුත් මේ අභිනව නාටක කාරයන් දිනපතා ඉදිරපත් කරණ පවත්වන වාචික ,මුද්‍රිත, ශ්‍රව්‍ය දෘශ්‍ය ,සංයුක්ත තැටි හා දෘඩා තැටි, අන්තර්ජාලය ,”යු ටියුබ්”  හා අනෙකුත් වෙබ් අඩවි මඟින් දිනපතා  විකාශනය කරන, ඉතිහාසය විකෘති කිරීම නිසා සිත්තැවුලක් මට ඇතිවුණා,අගතියක් ඇතිවුණා ,මගේ ආගමික විශ්වාසයන්ට පහර වැදුනා එමගින්  මගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් (2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR)) පනතට අනුව මගේ හා මේරටේ ඉන්න බහුතරයගේ අයිතවාසිකම් උලන්ඝණය වී ඇති බැවින් එම කරණය සම්බන්දයෙන් පොදුවේ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කර හැකි බවත් ඉන් ඔබද මාද සිව්වනක් පිරිස වශයෙන් අයත් (ඉහතින් කි සියළු  සංඝයාවහන්සේ ඇතුළු ) බුද්ධ ශාසනය  රැක ගන්න අද අදම ක්‍රියාත්මක වෙන්නැයිද  ඉල්ලමි, ඉල්ලමු.

නම් දෙකකින් පෙනීසිටින පුද්ගලයෙක් හා බැඳී පිරිසක් හා තමන් බුදුවුණු, රහත් වුණු , සමාපත්ති ලාභීන් වශයෙන් හඳුන්වන ඒවා මඟින් අහිංසක මිනිසුන් රවටා මේ ශාසන ද්‍රෝහී ක්‍රියා මාර්ගය සිදුකරණ පුද්ගලයන් ගැන  සොයා බලා රහස් පොලිසිය මඟින් වාර්තා සකස් කොට ඔවුන් විසින් සිදු කරණ මේ නීති විරෝධී කාරණය ගැන සොයා බැලීමට රජයද විශේෂයෙන් ”බුද්ධ ශාසන අමාත්‍යාංශය ” ද  වහා කටයුතු සිදු කල යුතු බව අවධාරණය කොට පවසමු .

මෙම කරුණු දැන දැනත් තවම රජය හා නිතිය ක්‍රියාත්මක නොවීම සිංහල බොදු අපට වැදුණු මරු පහරක් බවද අඟවමි. රජය ඉදිරියේදී හෝ නිතිය ක්‍රියාත්මක කිරීමට සිතතොත් එය නමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීමක් ලෙසද සිතිය හැක.

ඉතින් මොවුන් හමුවේ තිබෙන මුදල් හදල් බලය හා විශාල ධනස් කන්දය අප සතු නැත. ඒවගේම මැරයන් ආකාරයෙන් කිසිම සීලාචාර කමක් නැතිව. මහනායක හිමි වරු වැඩ සිටින පන්සල් හා අටමස්ථාන වල  වැඩ සිටින නායක හාමුදුරුවරුන්ට මඩ ගසන, මුහුණු පොත් ආදියේ නින්දා අපහස සිදු කරණ මහා බලයක් ඇති මේ කල්ලි ඉදිරිපිට අප කුමක් කරන්නද ? අප සියල් ලන්ම අසරණයි !ඉතින්…

මේ රැඩිකල් වාදීන්ගේ මත ගැටුමේ අවසානය භිෂණය නොවේද ? මේපිටිපස සිටින බටහිර රටවල හා එන්.ජි.ඕ කණ්ඩායම් කව්රුන්ද ? මේ ඇතිවන්නේ සුන්නි සියා වාදයක් වගේ අවුලක් ,වියවුලක් ,ගැටුමක් නොවේද ?

අවිහිංසා වාදීව අප ඉල්ලන්නේ ඔවුන් හට නීතයේ බලය පෙන්වා බුද්ධ ශාසනය රැක ගන්නා මෙන්ය.
ගරු ජනධිපතිතුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි  මෙවැනි කුමන්ත්‍රණ වලින් අපිව බේරාදෙන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි !

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට
2020-11-25