Mon. Jul 1st, 2024
Pexels Lucanardone 3651820 1
Spread the News

මට විසදාගත නොහැකි වූ ප්‍රශ්න!
(කිසිවිටකත් අපහාසයක් සඳහා නොවේ.)
(දැනගැනීම සඳහාම පමණි.)
ඒ ලංකාවේ විදුලිය කපන කාලයයි. රටේ වැඩි පැය ගණනක් එවිට විදුලිය තිබුනේ නැත. දිනක් අසල පල්ලියේ දහවල් යාජ්නාව ප්‍රචාරය වෙමින් පැවතිනි. මා ඊට ඇහුන්කම් දෙමින්ම මාගේ කොම්පියුටරයේ වැඩක නිරත වී සිටියේය. හිටි හැටියේම විදුලිය විසන්ධි වූ බව මාගේ කොම්පියුටරය මට දැන්විය. එය මට පුදුමයක් නොවේ. විදුලිය කැපීම නිසා කොම්පියුටරයට විදුලි සැපයුම නතරවිය. තවද එක් දිනක් පිරිත් සජ්ජයනාවට සවන් දී ඉන්දිත්දී මෙය මෙසේම සිදුවිය.එය එදා සාමාන්‍ය දෙයක් වුයේ මා කුඩාකල සිට දන්නා පරිදිය. නමුත් අද දින මට ඉන් මහත් වූ පුදුමයක් ඇතිවිය.ඊට හේතුව
විදුලිය විසන්ධි වීමත් සමග පල්ලියේ යාජ්නාවේ ශබ්දයද ගමට ඇසීම නතරවිය. ඉතින් මට මෙසේ සිතුනි ලෝකය මවා ඇත්තේ දෙවියන්වහන්සේ නම් විදුලියද මැවිය යුත්තේ දෙවියන්වහන්සේ විසින්ය. දෙවියන්වහන්සේ විසින්ම මවනලද විදුලිය කැපී බිඳ වැටි දෙවියන්වහන්සේගේම දේශනාවක් නතර වන්නේ කෙසේද? දෙවියන්වහන්සේ යනු සර්වබලධාරී නම් ඔහුගේම දෙසුමක් මිනිසුන්ගේ සුව සදහා සජ්ජායනය වන විට රටේ වූ විදුලිය කැපීමකින් ඔහුගේම සජ්ජායනයක් නතර වුයේ කෙසේද? එනම් දෙවියන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ වූ දෙයක් මෙතන සිදු වී ඇත්ද? එසේ වන්නේ කෙසේද? විදුලිය කැපීම සිදුවුයේ සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුකුලව නම් ඊට විරුද්ධව අපිව අරගලවලට තල්ලු කලේ ඇයි? එය සාධාරණද? අරගල කිරීම සිදුවුයේ එවිට කාගේ කැමැත්තට අනුවද?
මාගේ කොම්පියුටරයේ වූ විදුලිය විසන්ධිවිමක් මට පුදුමයක් නුවුනත් මේ විසන්ධිය නිසා වූ යාජ්නාව නතරවීම පිළිබඳව මනුෂයෙකු වශයෙන් මට පුදුමයක් විය. දෙවියන්වහන්සේ කිසිවකට නොදෙවෙනි නම් මේ විදුලිය විසන්ධි වීමකින් පවා ඔහුගේ සජ්ජායනයක් දිගටම අවසානයක් දක්වා පවත්වාගෙන යාමට දෙවියන්වහන්සේට හැකියාව තිබිය යුතුය. එසේ නැතිනම් වෙනත් ක්‍රමයක් ඔහු අපට දන්වියයුතුය,දෙවියන්නොව අප කාහටත් විශ්ව දහමට යටත් වීමට සිදුවේ. කලබල නොවන්න උඩඟු නොවන්න.කිසිම දෙයකට ගහ මරා ගන්න එපා. නමුත් කරුමෙකට එසේ නොවුනේ ඇයි?
මෙයට පිළිතුරක් ඔබ කවරෙකුගෙන් හෝ බලාපොරොත්තු වෙමි

වෛද්‍ය ධම්මික විජේරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *