Fri. Jul 5th, 2024
Spread the News

fori4

2013 වසරේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි ලෝ පූජිත බුද්ධගයාවේ අඩි 80 ක්‌ උසැති බුද්ධ ප්‍රතිමාව පුපුරුවා හැරීමට ඉස්‌ලාමීය අන්තවාදීන් පිරිසක්‌ දැරූ උත්සාහයේ සුලමුල දැන් හෙළි වී ඇත. මියන්මාරයේ රොහින්ග්‍යා මුස්‌ලිම් ජනතාවට වධහිංසා සිදු කරන බව පවසමින් ඊට පළිගැනීමක්‌ ලෙස මෙම බෝම්බ ගැසීම සිදු කළ බව ප්‍රධාන සැකකරු වූ හයඩර් අලි නමැත්තා පාපොච්චාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් බිහාර් අධිකරණ මණ්‌ඩලය ඔහුට වසර 3 ක සිරදඬුවමක්‌ නියම කරනු ලැබීය.

මෙම නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරු තායි භික්‍ෂුවකි. ඔහු ඉන්දීය ජාතික විමර්ශන මණ්‌ඩලය හමුවේ පැවසුවේ බෝම්බ සිද්ධියට සම්බන්ධ එක්‌ සැකකරුවකු බොදු පිළිවෙත් වැරදියට සිදු කිරීම නිසා තමන් ඔහු ගැන සැක කළ බවයි.

මාස තුනකට පසු මේ ඉස්‌ලාමීය අන්තවාදීන් පැට්‌නා නුවර පැවැත්වූ අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ රැලියක බෝම්බ පිපිරීමක්‌ සිදු කළහ.

fori5

එහිදී 6 දෙනෙක්‌ මියගිය අතර 89 ක්‌ තුවාල ලැබූහ.

2013 ජුලි 7 දා හයිඩර් අලි සහ අනිකුත් සැකකරුවන් බුද්ධගයාවේ විවිධ ස්‌ථානවල බෝම්බ 13 ක්‌ ද තැන්පත් කර ඇත. එහිදී භික්‍ෂූන් වහන්සේ දෙනමක්‌ තුවාල ලැබූ අතර නොපිපිරුණු බෝම්බ තුනක්‌ ද සොයාගෙන ඇත.

මෙම පිපිරීම් සිදුවූ දිනයේ තමා ඇතුළු පිරිස රන්චි ප්‍රදේශයේ සිට බෝම්බ 13 ක්‌ සමග පැමිණි බවත් තම සගයන් වූ මුජිබුල්ලා සහ ඉමිටියාස්‌ මහාබෝධි විහාරයට ගිය අතර මරික්‌ අන්සාරි නමැති චූදිතයාට බෝම්බයක්‌ අඩි 80 ක්‌ උසැති බුද්ධ ප්‍රතිමාව යට තැන්පත් කරන ලෙස නියෝග කළ බව ද හයිඩර් අලි හෙළි කර ඇත. අනතුරුව තමා මහාබෝධි සංකීර්ණය වෙත ආගමනයේ යෙදී සිවුරක්‌ ඇඳගත් බවත් මුල්ම බෝම්බය අනිමිස ලෝචන විහාරයේ තැබූ බවත් දෙවැනි බෝම්බය මහාබෝධිය යට ද, තෙවැනි බෝම්බය ගිලන් රථයක්‌ යට ද, සිව්වැනි බෝම්බය කුඩා විහාරයක තාප්පයක්‌ තුළ බව ද ඔහු කීවේය. මෙම බෝම්බ උදේ 6 සිට 7 අතර පිපිරීම සඳහා සකස්‌ කර තිබුණි.

මේ අතර තවත් සැකකරුවකු පැවසුවේ 2002 වසරේÊගුජරාට්‌හිදී මුස්‌ලිම්වැරන්ට එල්ලවූ ප්‍රහාරවලට පළිගැනීමේ අරමුණින් මෙම බෝම්බ තැබූ බවයි. ඉන්දියාවේ තහනමට ලක්‌වූ ඉස්‌ලාමීය ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියකු වූ හයිඩර් අලි ඉන්දීය මුජෙයිදීන් සංවිධානයටත් සම්බන්ධ වූවෙකි.

මෙම බුද්ධගයා නඩුවේ අනිකුත් චූදිතයන්ට එරෙහි නඩු තවදුරටත් විභාග වෙති.