Mon. Jul 8th, 2024
Spread the News

බුකී කරුවන්ට ක්‍රිකට් ලෝක කුසලානය පාවා දුන්නාද?

by Ranga Jayawardene on Sunday, 03 April 2011 at 00:52

 

According to WikiLeaks following disclosures has been made :

Sri Lanka will BAT FIRST.

Sri Lanka will make a score of 75 runs for 4 wickets down in first 15 overs.

The total Score of Sri Lanka will be around 270 to 280 runs.

Virender Sehwag will be out in first over (he has been paid Rs 2.3 cr. in USB Swiss Bank)

Sachin will make 90-98 runs.

India will win by just 1 wicket in last 2 balls, for which Rs. 251 cr. has been paid to Sri Lankan Team.

 

http://webcache.googleusercontent.com/search?q=cache%3AseX5yTjvPEUJ%3Awww.xinz.org%2Fblog%2Findia-sri-lanka-match-fixing-wikileaks%2F+http%3A%2F%2Fwww.xinz.org%2Fblog%2Findia-sri-lanka-match-fixing-wikileaks%2F&hl=en&client=firefox-a&gl=us

 

ඉහත කරුණු එම වෙබ් කෑශ් එකේ සඳහන්ව තිබූ අතර එය මම බලන විට වේලාව මෙලෙස සඳහන්ව තිබුණි.

>>It is a snapshot of the page as it appeared on Apr 2, 2011 17:44:43 GMT. <<

එනම් ඉන්දියන් වෙලාවෙන් පෙරවරු 11 ට පමන හෝ ඊට පෙර එම ලිපිය පළ කර ඇත. මට අමතරව බොහෝ දෙනෙක් මෙය එම වෙලාවට කළින් දැක ඇත. නමුත් වෙබ් කෑශ් වල ක්‍රමවේදය අනුව එය දිගින් දිගටම අප්ඩේට් වෙන නිසා ඔබට කළින් වේලාව දකින්නට නොලැබෙනු ඇත. එසේම ගූගල් ගැන දන්නා අය වෙබ් කෑශ් වල වෙලාව අන් අයට වෙනස් කිරීමට නොහැකි බව දනී.

නමුත් පසුව ඔවුන් සඳහන් කර තිබුනේ එය මොඩයාගේ දවසේ විහිළුවක් බවයි. ඇත්තටම මෙය මෝඩයාගේ දවසේ විහිළුවක්ද? එසේනම් තරගය ආරම්භයට පෙර එනම් පෙරවරු 11 ට පමණ තරගයේ බොහෝ කරුණු පැහැදිලිව අනාවරනය කළේ කෙසේද?

සචින් ටෙන්ඩුල්කාර් අපේක්ෂිත ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ නැති බව ඇත්තකි. ඒත් ඔහු දැවී ගියේ කඩුලු රකින්නාට උඩ පන්දුවක් දීමෙන් නේද? හොඳට සිතන්න.

පහත දක්වෙන්නේ මා දුටු කොමෙන්ට් එකකි. ඒක හොඳට කියවන්න.

තර්ඩ් අම්පයර් එල්බීඩම්ලිව් එක දුන්නේ නැහැ. ඒක අව්ට්. රන්අවුට් එකත් අවුට්. ඒක දුන්නෙත් නැහැ. තේරීම් කමිටුව අලුත් මුහුණු 3 ක් ම දැම්මා. මුරලිගේ දුෂ්රා එකක්වත් නැහැ. ලිසිත් මාලිංගගේ බෝලීනුත් එච්චර හරි නහැ. සංගාගේ මුණුනේ තිබුනේ පරාජිත බවක්ද, බියකරු බවක්. ලකුණු 274 ක ටාගට් එකක් කියන්නේ අමාරු එකක්. ලංකා ටීම් එකේ ‍ෆීල්ඩින් නම් අන්තිමයි. මේ මැච් එක කොහොම හරි දිනිය යුතුයි කියලා ඩිල්ෂාන්ට නම් සෑහෙන්න උවමනාවක් තිබ්බා. මේ ටීම් එක තොරපු විදිහ නම් අන්තිමයි. අජන්ත මෙන්ඩිස්ට ඉන්දියන් කා‍රයෝ මාර බයයි. ඒත් මිනිහව නොදාන්න හේතුව මොක්ද? අපේ ටීම් එක තේරුවේ ඉන්දියන් කාරයන්ට අවශ්‍යය විදිහට ද කියලා වෙලාවකට හිතෙනවා. ගිය පාර වගේම මේකත් තේරීම් කමිටුව අවුල් කලා. සංගට සපොට් එකට හිටියේ. දිල්ශාන්, මහේල, විතරයි. අනිත් අය සෙල්ලම් කළා හරි නැහැ. දිනන මානසිකත්වයක් තිබුනෙම නැහැ. එත් ලකුණු 274 ක් අරගෙනත් මෙහෙම වුනේ ඇයි?

 

ඇත්තටම මුරලි බෝල් කළේ විකට් ගන්න නෙමෙයිද? එයාගේ ෆීල්ඩින් වලට මොකද වුනේ? හතරේ ඒවා මීටර ගානක් ළඟින් යන්න දුන්නා නේද? ඊට අමතරව එයා ආපසු පන්දුව එවීම පිච් එකේ මැද්දට කරපු විධි මතකද?

 

තරගය හොඳින් බැලූ විට පෙනුනේ ක්‍රීඩකයින් පරදින්නම ක්‍රීඩා කළ බව ද?

 

තරගය ආරම්භයේදී ඉන්දියන් නායකයා විසින් ටොස් එක ආයිත් සැරයක් දාන්න කිව්වේ ඇත්තටම සංගා ඉල්ලපු එක ඇහුනේ නැති නිසාමද? සංගා වගේ පළපුරුදු ක්‍රීඩකයෙන්ට මෙන්ම නීති ශිෂ්‍යයෙකුට කට ඇරල ශබ්ද නගා ටොස් එකක් ඉල්ලන්නවත් බැරිද? හැමෝම තරගය දිනයි කියද්දී අර්ජුන විතරක් එය පරදියි කිව්වේ කෙසේද? පලමුවන පවර්ප්ලේ එකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තේ ඇයි? තරගය පරාද වුන විට සංගාගේ හැඟුම් බර ගතියක් තිබුනේ නැත්තේ ඇයි? සාමාන්‍යයෙන් සංගා අන් අයට වඩා හැඟුම් බර කෙනෙකි. එසේම තරගය පැරදිලත් සංගාගේ අවසාන කතාව පරාජය වූ කණ්ඩායමක නායකයෙක් කරන ආකාරයේ කතාවකට වඩා ජයග්‍රාහී කතාවක් නේද?

 

මගේ නම් අදහස මේකයි. විකී ලීක්ස්ලා ට තරගේයේ බුකී කරුවන්ගේ වැඩ අනාවරණය වෙලා තිබෙනවා, ඔවුන් එය පළ කරලා, ඒත් බුකී කරුවන්ගෙන් එල්ල වන ජීවිත තර්ජන නිසා ඔවුන් එය අප්‍රියෙල් මෝඩයාගේ විහිළුවක් බව පැවසුවා. ලස්සනම වැඩේ තමයි අප්‍රියෙල් 2 දා මෝඩයාගේ විහිළු කිරීම. එය සාමාන්‍යයෙන් වෙන්නේ නෑ.

 

 

 

ඉහත දැක්වෙන්නේ මගේ පුද්ගලික අදහසක් වන අතර එහි සත්‍යාසත්‍යතාවය ඔබ විසින් තව දුරටත් ඒ ගැන ගවේශණය කර අවබෝධ කර ගත යුතුය. එහෙයින්ම ඉහත ලිපිය ගැන මාගේ කිසිදු වගකීමක් නැත.