Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy Shutter stock

බළලා මල්ලෙන් එලියට පනි!

මහාචාර්යවරුන් ම විසි පස් දෙනෙකුගෙන් සමන්විත ඊනියා ජනතා ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තීන්ත බාල්දියක වැටුණු නරියකු අතින්ම ප්‍රකාශයට පත්වීම
ඇත්තෙන්ම යුගයේ ආශ්චර්යයක්.

” ගෙදර බල්ලා ස්වාමියාට වඩා බලවත්” කියා කියමනක් තිබෙනවා.

දුප්පත් ගෙවල් වල බුරන බල්ලන් නැහැ. මන්ද ඒ ගෙවල්වල රකින්න වස්තුවක් නැති නිසා.

සොරකමින් හා වංචනීකව උපයා ගත් මුදල් තවත් සොරෙක් විසින් පැහැරගනී යන බිය නිසා, එක දඩෝරියෙක් පමණක් නොව දඩෝරියන් ගණනාවක් හදාගන්න යමක් ඇති අය පෙළඹේ.

කටු ලෙව කෑ පමණින් සුනඛයෙක් මෙතරම් සැර වී නම් මස් කන්න දී හැදුවා නම් මිනිහෙකුට පාරේ බැහැලා යන්න බැරි තරම් තත්ත්වයක් උදාවෙනවා.

ඇමරිකානු CIA ස්වාමියාගේ මස් කටු ලෙවකා ජාතියේ හද ගැස්මවූ තරුණ පරම්පරාව 71දී හා 88-89 දී දංගෙඩියට දැක්ක වූ හැතිකරය දේශපාලන බලයක් ඉල්ලා නැවත කරළියට නැග ඇත.

ඉස්සර හැංගි හැංගි ජවිපෙට උදව් කළ ප්‍රතිවිප්ලවවාදී ජාත්‍යන්තර බලවේග දැන් වෙස් වෙස්මුණු ගලවා එළිපිටම මෙම තක්කඩි රැළට උදව් කිරීමට ඉදිරිපත් වී ඇත.

පසන් බූරුවා කියන අන්දමට මා ඉපදී ඇත්තේ නාකි මිනිහෙක් ලෙසයි.
මොහු අවංක බූරුවෙක් නිසා ඔහු නියෝජනය කරන ජවිපෙ ප්‍රතිපත්ති සුද්ද සිංහලෙන්ම කියා ඇත.

මේ වගේ කාලකණ්නින් අනාගතයේ දී මේ ආකාරයෙන් මට බුරාගෙන කඩාපනී කියා එදා මට මොහොතකටවත් හිතුනේ නම් 1988 වසරේදී මගේම වියදමෙන් ජිනීවා නුවරට ගොස් මානව අයිතිවාසිකම් කොමිසමේ ලංකා නියෝජිත ජපන් ජාතිකයකුට පැය හතරක පමණ කාලයක් තිස්සේ කරුණු පැහැදිලි කරමින් ඉදිරියේදී සිදුවිය හැකි ලක්ෂයකට ආසන්න තරුණ පිරිසකගේ ඝාතනය වළක්වාගැනීමට උදව් කරන මෙන් ඉල්ලා සිටියා. එම නිලධාරියා කියා සිටියේ එවැනි ඉල්ලීමක් කිරීමට මා හට නෛතිකමය බලයක් නැති නිසා ඔවුන්ට කළ හැකි දෙයක් නැති බවයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග
සමාදානයකට එළඹ යුද්ධය නතර නොකළහොත්, ශ්‍රී ලංකාවට දෙන ආධාර කපා හරින බව 2008 දී ජර්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවට තර්ජනය කළ විට ජර්මන් පුරවැසියෙක් හැටියට ජර්මන් ආණ්ඩුවට විරුද්ධව ජාත්‍යන්තරය දැනුවත් කරමින් මා ලියූ ලිපිය ජර්මන් රජයේ තීන්දුව වෙනස් කිරීමට පමණක් නොව දෙරට අතර නැවත හොඳ හිත පවත්වාගෙන යෑම පිළිබඳව තීරණයක් ගැනීමටද හේතුවක් වුණා.

පසන් බූරුවා කියන අන්දමට මා කටත් පුකත් වහගෙන හිටිය නම් ජර්මන් ආධාර කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස අනුර කුමාරලටත් කටු ලෙවකමින් තමයි විප්ලව කරන්න වෙන්නේ.

1982 වසරේ දී අනාගත බලශක්ති අර්බුදය විසඳීම සඳහා මා විසින් ඉදිරිපත් කළ සැලැස්ම සහිත අධ්‍යාපනික වීඩියෝව තහනම් කර මා රැකියාවෙන්ද නෙරපා හැරීමට කටයුතු කළ, පසුකාලයක දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් මා ජනතාව සමග පාරට බැස වෙඩි උණ්ඩ වලට මුහුණ දෙනවිට සිරභාරයට පත් වෙන විට වලිග දෙපරැන් දේ රුවාගෙන ඇඳන් යට වෙව්ළමින් සිටි කැනහිලුන් දැන් ආචාර්ය මහාචාර්ය පට්ටම් වලින් සන්නද්ධ වී ජජබයේ වේදිකාවල ඉදිරි අසුන් වල විරාජමානව වැඩ සිටිති.
කසුන් වැනි කටු කන සුනඛයෙක් එවැනි උගතුන්ට කඩා නොපනින රහස ජවිපෙ සැඟවුණු න්‍යාය පත්‍රය තුළ මනාව පැහැදිලි කර ඇත.

මහා පරිමාණ සොරකම් වලට චෝදනා ලැබූ රාජපක්ෂ පවුලේ අය හෝ රනිල්ට විරුද්ධව නඩු නොගිය රටක් අනුර කුමාරගේ පමණක් රෙද්ද උස්සා බලන්න පෙළඹේවි ද?

අහෝ රටකට ගිය කල!

එඩ්වර්ඩ් …

සංවාදයට විවෘතයි