Wed. Jul 3rd, 2024
Spread the News

බණ්ඩාරනායක මහත්මයාට තියෙන්නෙ දකුණු ඉන්දියානු දෙමළ සම්භවයක්.

එය ජීව විද්‍යාත්මක සාධකයක් පමණයි. බණ්ඩාරනායක මහත්මා තුළ තිබුණු බුද්ධිමත් බව හා ආධ්‍යාත්මික ගති ලක්ෂණ එතුමා සමාජය පිළිබඳ හිතන පතන ආකාරයේ ලොකු වෙනසක් ඇති කළා.

ලන්ඩනයේ LSE වල මහාචාර්ය Harold Laski ගේ ගෝලයින් වන ආචාර්ය එන් එම් පෙරේරා වැනි බක පණ්ඩිතයන්ගේ මාක්ස්වාදයට වඩා ශ්‍රි ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ස්වභාෂාවෙන් අධ්‍යාපනය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය බණ්ඩාරනායක මහතා විසින් ගනු ලැබුවා. ඇන්. ඇම් ලා, කොල්වින්ලා දිගින් දිගටම බණ්ඩාරනායක මහතාට බාධා කළා.
වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාර විසින් දිගින් දිගටම කරගෙන ගිය කඩාකප්පල්කාරී වැඩ වර්ජන තුළින් රටේ ආර්ථිකයට විශාල වශයෙන් හානි පැමිණුනා.

මෙවන් තත්ත්වයක් යටතේයි බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට තීරණය කරනු ලැබුවේ.

ඒ හේතුවෙන් කිසිදාක විශ්වවිද්‍යාල වරම් ලබා ගත නොහැකිව කොන්වී සිටි ගැමි දරුවන් ලක්ෂ ගණනින් උසස් අධ්‍යාපනයට යොමු වුණා. එම දරුවන් පසුකාලයක ලංකා පරිපාලන සේවයේ ඉහළම තනතුරු හෙබවූ අතර, බොහෝ දෙනෙක් විදේශ සේවාවේ තානාපතිකම් දැරුවා.
දුප්පත් ගැමියන් ගේ දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවිට
“රාජකීය-තෝමියන්” නඩයේ කළු සුද්දන් කීවේ ” ඔහොම ගියොත් පොල් ගහකට යවන්න කෙනෙක් හොයාගන්න බැරිවෙනවා”කියායි.

බණ්ඩාරනායක මහත්මයා සිංහල කමටත් බෞද්ධකමටත් නැඹුරුවීමට බෙහෙවින් ම බලපෑවේ කොලොන්නාවේ පදිංචිව සිටි මොහන්දාස් නම් ගාන්ධි අනුගාමිකයෙක්. ඒ බලපෑම බණ්ඩාරනායක චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

සුනේත්‍රා හා චන්ද්‍රිකාගෙ දෙමළ ජාන අනුරට වඩා බලවත් වූ බව ඔවුන් දෙදෙනා ආදරය කිරීමට තෝරාගත් අයගෙන් වැඩි දෙනෙක් දෙමළ අය වීමෙන් පැහැදිලි වෙනවා. අනෙක් අතට ලංකාවේ වාමාංශික දේශපාලනයේ ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් වැන්නන්ද ජනතාව නොමග යවමින් සිංහල බෞද්ධ විරෝධී කටයුතු වලට උඩගෙඩි දුන් නිසා, බණ්ඩාරනායක මහතාගේ දූවරුන් දෙදෙනා ම රටට ද්‍රෝහි වුණා.

බණ්ඩාරනායකව ඝාතනය කිරීමට ශීලයක් නැති බෞද්ධ භික්ෂුවක් (තල්දූවේ සෝමාරාම) CIA එක විසින් යොදා ගන්නේ ක්‍රිස්තියානි ඇන්ග්ලිකන් පූජකවරයකුවූ මැතිව් පීරිස් හරහායි.

තම පියා ඝාතනය වූ දිනයේ සිට සුනේත්‍රාත් චන්ද්‍රිකාත් බෞද්ධ භික්ෂූන්ට සාප කළා.
ඊට පොහොර දමන්නත් සිංහල බෞද්ධ විරෝධී පුද්ගලයින් මෙන්ම කණ්ඩායම්ද දිවා රෑ වෙහෙසුනා.

දෛවයේ සරදමකට මෙන් චන්ද්‍රිකාව මරා දමන්න දෙමළ ඩයස්පෝරාවේ කෝටිපතියන් කෝටි ගණනින් මුදල් විසි කරන්න සූදානම් වී සිටියා. (දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් විවිධ තොරතුරු ඒ ගැන හෙළිකර කර තිබෙනවා).

මේ තත්ත්වය ගැන අංශු මාත්‍රයක දැනුමක් නැති නරුමයන්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටුණා කියන කියමන විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ ලොකුම විහිළුව බවට පත්වුණා.

ඒ අතීතය නොදත් වර්තමාන පරපුරේ බොහෝ දෙනෙක් කතෝලික පල්ලිය විසින් වපුරන බණ්ඩාරනායක විරෝධී ආකල්ප ජනගත කරමින් සිටිනවා.

ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටුනේ දේශීයත්වය විනාශ කර අනුන්ගෙන් කන ණයට යැපෙන හිඟන ජනතාවක් ජාතියට උරුම කළ ජේ.ආර්.ජයවර්ධන නැමැති ජාති භ්‍රෂ්ටයාගේ රට විනාශ කර දැමීමේ කුමන්ත්‍රණය නිසයි.

මා මේ හෙළි කරන තොරතුරු බොරු බව ඔප්පු කරන්න හැකි පුද්ගලයෙක් මේ දෙරණේ සිටීනම් වහාම ඉදිරිපත් වෙන්න කියා මා ප්‍රසිද්ධියේ අභියෝග කරනවා.

සුනේත්‍රා හා චන්ද්‍රිකා සිංහල බෞද්ධ විරෝධී උන හැටි දැන් ඔබට පැහැදිලි නේද?

– තෙවෙනි ඇස–
19.06.2023