Sun. Jul 7th, 2024
Spread the News

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

මේ දිනවල පිරිත් සජ්ජායනය කිරීම විහිළුවක් හා හිතළුවක් කරගත් දේව වාදී අදහසකින් පෙළෙන ඔබ ලෝකයේ ඕනෑම ලෙඩක් හොඳ කිරීමට සමත් යැයි කියන දෙවියන් හොඳින් දන්නා බව අප හොඳින් දනී.
අද මේ කොරෝනා  වසංගතය හමුවේ  තිබෙන මහත් ව්‍යාසනය දැක නිශ්ශබ්ද සැඟවී සිටින නමුත් බුදුදහමේ සඳහන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සංකල්පය මනාව වටහා ගත් සියලුම ආගමිකයන් මෙන්ම සියළුම රටවල බුද්ධිමතුන් රහසේ ලොවේ අස්ථිර බව වටහාගෙන ඇතැයි ද සිතමි.

මුහුණු පොතේ මේ දිනවල ආගමික හා අනාගමික කාරයන් විසින් සිදුකරණ  බුදුදහමට හා පිරිත් සජ්ජායනය එරෙහි බලවේග  සඳහා කෙටියෙන් පිළිතුරක් ලියා තබන අරමුණුනේන් මෙම කෙටී ලිපය ඉදිරිපත් කරමි.

පිරිත් සජ්ජායනය  සියලු ජීවීන්ට සුහදතාවය හා ආශිර්වාදය ලබා දෙන්නක් බව බැලු බැල්මටම පෙනේ. පිරිත් සජ්ජායනය කිරීමෙන් ආරක්ෂාව සහ සුවය ගෙන එනු ලබන අතර පිරිතේ ගැබ්බ්ව ඇති  වචන හා ශබ්ද හා  ඒවායේ  විවිධ ආශීර්වාදාත්මක බලයන් හා පිරිතේන් සජ්ජායනය කරණ ,දේශනා හා  කරන වචනවල ඇති සත්‍යතාව හා එම සත්‍යකක් ක්‍රියාව සිදුකරන්නා අති උතුම් පැවිදි භික්කුෂුවකද වුවහොත් එයින් සුවයක්, මානසික බලයක්, ආශීර්වාදයක් එම  පිරිත් ශ්‍රවනය කරන්නාට සහතිකවම  ලැබේ .පිරිතේ ඇති ධුවනි ගුණය  විශාල ලෙස පරීක්ෂණයට භාජනයට නොයෙකුත් විවධ ආගමික  විසින් කර ඇති අතර පිරිතට විරුද්ධ ඔබහට හට කුඩා හෝ මොලයක් ඇත්නම් මෙම තොරතුරු අන්තර් ජාලය හෝ පත් පොත මඟින් සොයා ගත හැක.

අද වෙනවිට අඩුම ගානේ ලෝකය දින ගණනකින් මැවූ ඒ මහා එකාධිපති දෙවියන් (ඔබ සිතන හා විශ්වාශ කරන ආකාරයට ) පවා කොරෝනා හමුවේ සැඟවී සිටින ස්වභාවයක් දිස්වේ. අද  මිනිසාගේ ආරක්ෂාවට මිනිසාම ඉදිරපත් වී තිබේ. සියලුම යාච්ඤා කරන මධ්‍යස්ථානය වසා ඔවුන් ඔවුන්ගේ පවුල් රකිමින් සිටි. කොරියාවේ දැනට ලොව වැඩිම පාස්ටර්වරු ප්‍රමාණයක් (ලෝකය තුල) ඉඳින නමුත් අද වනවිට ඔවුන් එකෙකු මිනිසාගේ ආරක්ෂාවට ඉදිරිපත් වී නැතිබව මේ ලඟදි කතෘ වන මා දැනගත්තේ මේ මෑතකදී මිෂනාරි ආගමට හැරුණු එක් පුද්ගලයෙකුගෙන්ය. අපි ඒ ගැන හිස් මුදුණින් කනගාටු වෙමු ! අප්‍රිකානු දේශයේද වසර කිහිපයකට පෙර ඒඩ්ස් රෝගය පැතිරෙනවිට ගල් පැලෙන බොරු කියා කියා සිටි මුන්ගෙන් බාගෙට බාගයක් ලංකාවට පැමිණ අපේ අසරණ මිනිසුන් ඒ ආගමට බිලි බා ගත්තේය. මේ ලඟදි නැගෙන හිර ප්‍රදේශයේ ද විශාල ආගමික තර්ජනයක් නිර්මාණය කල ඒ මිෂනාරියගේ ”චක්” ගෝලයන්ගේ  බෞද්ධ වපසරිය රකින අපහට කිවේ ” ඔය හාමුදුරුවන්ට වඩා මාගේ ලෙඩ සුවකළ සැබවින් දුටු දෙවියන් හොඳ බවත් දෙවියන් දුටු දිනේ පටන්ම ඔහුට කිසිම ලෙඩක් නොසැදුනු බවත්. කතෘ වන මම කවදා හෝ එය දැනගනීවි කියාය. ඔහුගේ නම කෙටියෙන් ‘අජිත් පෙරේරා යැයි කිව හැක’ යුටියුබ් කොමෙන්ට්  ආශ්‍රයෙන් අන්‍යාගමිකරණ උපක්‍රම ගන්නා අතර කෙටි ඇදුම් විලාසිතා අඳින මෙලෝ ලෙඩක් හැදෙන්නේ නැහැ කියා කියා සපත කරණ කාන්තාවන් දෙදෙනෙක්ද මොහුට උදවු කරයි. ‘එක් දිනක් ඇය මාහට කියා සිටියේ (කොමෙන්ට් තීරුවේ ) ” ඉස්සර මමත් හිතාගෙන හිටියේ මේ සහෝදරයවගේ (සහෝදරය කිවේ කතෘ වන මා හටය ) තාම නමුත් පස්සේ දෙවියන් දුටු විට අද වෙනකම් ලෙඩ හැදුණේ නැති බවය. අහෝ කරුමයකි මා සිතාගතේ අපේ තවත් එකියක් ” රතු ලණුව ගිල ඇති බවය ”. ඇයට මම පෞද්ගලිකව අනුකම්පා කරමි. ඒ ඇයි කිවහොත් අද වනවිට ඉහතකී පිරිමි ආත්මයද පසු කි ගැහැණු ආත්මයද තමන් හා දෙවියන්ටද අවසානයක් ඇති බව කොරෝනා වසංගතය හමුවේ වටහාගෙන ඇති බව සත්‍යක් වන බැවිනි.

ඔවුන් තුන්දෙනාගෙන්  මම අසා සිටියේ :
චීනයේ මියයන සහ දුක් විඳින මිනිසුන් කොරෝනා  වයිරසයෙන් බේරා ගැනීම සඳහා,  බොදු අපි සොයන්නේ ලෙඩ සුවකරන බව තම ආගමික බිලි බෑමට උපයෝගී කරගන්න ඔබ වැනි  පාස්ටර් වරයෙකි. දෙවියන් තමා දුටු මොහොතේ පටන් තමාට නැවත කිසි දිනෙක අසනීප නොවූ බව පැවසු කපටියන්ද අපි මේ මොහු පිටිපස්සේ (කොම්මෙන්ට් ඔස්සේද ) දුටුවේය. අසරණ බොදු පිරිස් බිලිබන්නේ නැතිව යමුද අපි චීන පැත්තේ .ඔබ ඉදිරිපත් උනොත් ඔබ ඉතා මෙය විශිෂ්ට බවට ඉඟියක් දුනිමි තවද මෙම ඔබට අවස්ථා  කදිම අවස්ථාවක් බවද අපේ කතිකාව, සංවාදයට විවෘතයි බවද  සඳහන් කලෙමි.

නමුත් මේ කාලකන්නින් අද වෙනකම් 2020- 02-21 දිනසිට  මාහට පිළිතුරක් නොදී  සිටීමෙන් සිතාහැක්කේ  හැක්කේ මිනිසුන් රවටා තම බඩ ගොස්තර වාදයේ යෙදෙන මුන් තම තමන්ගේ ආගම් ද පවා දී කටයුතු කරන බවයි.

මේ කොරෝනා හමුවේ (අද වනවිට) මුළු මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් අප අපිම  ආරක්ෂාවට සලකා ගැනීම ඉදරියට ඇවිත් තිබේ. එදා බුදුරජුන් පවා මනුෂ්‍යත්වයට අනුගත වෙමින් ජීවක වේදදුරුගෙන් තමන්  අවශ්‍ය ඖෂධ බෙහෙත් හේත් ලබා ගත්තේය. මෙලොව පහලවුන මනුෂයෙක් වශයෙන් (බුද්ධතත්වයට පත්වී සිටි බුදුහිමියන් ) එදා විශාල මහා නුවර ඇතිවුන තුන්භිය නැතිකිරීමට එම නගරයේ සිටි වැසියන් එම වසංගතයෙන් ඔවුන්ව ගලවා ගැනීමට බුදුන්ගේ උපකාරය පැතුවා. එහිදී තමන් වහන්සේ සිය ශ්‍රාවකයා වන ආනන්ද සමඟ නගරයට පැමිණ ඔහුට රතන සූත්‍රය ඉගැන්වූ අතර, නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සංචාරය කරන ලෙස ආනන්දට උපදෙස් දුන් බව කියනු ලැබේ. එහි ප්‍රතිඑලයක්  ලෙස නියඟයෙන් පීඩා විඳි භූමියට වර්ෂාව ඇද හැලෙන්නට පටන් ගත් අතර දින කිහිපයක් ඇතුළත රෝගය අතුරුදහන් වී ජනතාවගේ සෞඛ්‍ය තත්වය යථා තත්ත්වයට පත් විය.

අද වනවිටත්  රතන  සුත්‍රය හා පිරිත් සජ්ජායනයේ හාමුදුරුවන් වහන්සේලා යෙදෙන්නේ ඉහතකි සිද්ධිය හා කාරණය වස්තු භිජයක් කොටගෙනය. එයින් කුඩා හෝ කුමන හෝ සෙතක් හෝ නොලැබේ යැයි කියන ඔබගේ හඬ හා ඒ ගොරෝසු වචනවලට අප නොරැවටෙන්නෙමි. ඔබගේ ඒ මුසල ,මුඩුම, අසම්භාව්‍ය වචන වල ගැබ්බ්ව ඇත්තේ  දේවවාදී අන්‍යාගමික කරණ ලක්ෂණය, නැතොහොත් තුප්පැහි නිරගමිකයෙකුගේ ලක්ෂණය එසේත් නැත්නම්, මහා බක පණ්ඩිතයෙකු වශයෙන් පෙනී සිටීමට උත්සහා කරන මුහුණු පොතේ අබ්බ ගොබ්බ පුහු වීරයෙකුගේ ලක්ෂණය. ‘ එය ඔබගේ භාෂාවෙන් කියනවනම් – මෙලෝ රහක් නැති එකෙකුගේ වැඩෙකි’.
අද වනවිට පැතිරී තිබෙන වසංගතයට වඩා වසංගතවලට අවරුදු 2500 තිස්සේ අපේ මේ සිංහල ශිෂ්ටාචාරය මුහුණ දී තිබේ. හෙළ වෙදකම ඔස්සේ අප ඒවාට මුහුණ  දුන්නෙමි. අද මේ පැතිරෙන කොරෝනා විෂාණුව කොහි සිට පැමිණි දැයි දෙවියන්ද අපද නොදනිමි. මෙම කොරෝනා විෂාණුව ස්වභාව ධර්මය විසින්ම හුදෙක්ම වෛරසය නිර්මාණය  ආකාරයට  ඇතිවුවක්ද  නොදනෙමි. තවද බලෙන් පැතිරවූ රෝග කාරක වෛරසයක් මගින් ද මෙයම සිදුවිය හැක. හේතුව හෝ රෝගයපැතිරීම  කෙසේ වුවත් පැතිරුණත් රෝගියෙකුගේ ඇතිවන ශාරීරික වේදනාවන් අඩු කරගැනීමටත්  හා පිරිත් සජ්ජායන යට සවන් දීමේන් ලැබෙන , ඇතිවන මානසික සහනය හේතු කොටගෙන රෝගියා හෝ ඕනෑම පුද්ගලයෙකු තුල යම් තාක් දුරට ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය සම්පන්න භාවය වැඩිවීමෙන් ඔහු හෝ ඇය තුල වැඩි ප්‍රතිශක්තිකරණයක් ඇතිවීමේ දහසක් හේතු සාධක ඇත. ‘ ගොන් ඔබ මේවා නොදන්වා ඇති ‘  නියමාකාරයෙන් ප්‍රතිශක්තිකරණ ඇති පුද්ගලයන් හට හට මෙම රෝගය බෝවීම 80% වකට වඩා අඩු බව පරීක්ෂණ තුලින් සොයාගෙන තිබේ.

සෙත් පිරිත්, වරු පිරිත්, තිස් පෑ පිරිත් සති පිරිත් ආදී වශයෙන් නොයෙක් ආකාරයට පිරිත සමාජ ගත වී තිබෙන්නේ අප සමාජය පිරිතෙන් ලද අනිශංශ හේතුවෙනි.

පිරිතක අරමුණ කුමක්ද? ඒ ඒ පිරිත්වලින් අපට ලැබෙන සෙත ශාන්තිය කිමෙක්ද? පිරිතට සොබා දහම පවා වෙනස් කල හැකිද? පිරිත මනුෂ්‍යයන්ට සේම අමනුෂ්‍යයන් කෙරේ බලපාන්නේ කවරාකාරයටද? හරියට පිරිතක් කරගන්නේ කෙසේද? ආදී පරතෙරට යන කරුණු රාශියක් අද නවීන ලෝකය ඔස්සේ ජාති ආගම් බේද නොසලකා  සාකච්ඡා කළ යුත්තකි. එවැනි සාකච්ඡාවන් වලට යොමුවීමට ලෝක නායකයන් හා අද දිනද  අප රකින වේද දුරන් හට ආරාධනය කරන්නෙමු. පිරිතට කොරෝනා හොඳ කල හැකිදැයි හැකිදැයි තප්පුලන ඔබ හටද මෙය කල හැකිය. ගොනු ගැසීම්,  විනෝද චාරිකා , සමාජ ඒකතුවීම් වීමට විරුද්ධ වීම ඔබ හා මම  අනුමත කරන්නේනෙමි. ඔබගේ එම මතය හිස් මුදුණින් පිළිගන්නෙමි.

නමුත් වසංගත රෝහලට ගොස් පිරිත් කියලා කොරෝනා හොඳ කරපියවූ ! කියන ඔබගේ වෛරබුද්ධිය ඔස්සේ  එන මුග්ධ ප්‍රකාශ පිටු දකින්නෙමු !

ස්වර්ගයේ සුවසේ සිටින  නිර්මාණ දෙවියන්ට වඩා මනුෂ්‍යින් මනුෂ්‍යින් වෙත කරණ උපකාර  බලවත් වී තිබේ.වතිකානුවේ පාප් වහන්සේ අද අසරණව සිටි, ඉතාලියේ පල්ලියෙන් ඇසෙන සැම සීනු නාදයකටම සැරයක්ම මළ මිනිසෙකු වෙනුවෙන් තවත් සීනුවක් මර ලතොනියෙන් නාද වෙමින් පවතී. ලෙඩ දුක් ගොඩකින් ඒ  මිනිසුන් වේලි තිබේ. ඒ  අතර ලෝක නායකයන් දනින් වැටි සිටි, මක්කාව නිශ්ශබ්දය .ලංකාවේද සිටින හැමදෙයකටම උඩ පනින එන්.ජි.ඕ නඩ දොර ගුල් ලාගෙන උන්ගේම හැතිකරේ එක්ක අන්තර් ජාලය තුල බොදු කටයුතු ගැන විමර්ශනයයෙති  යෙදෙති. බුදුදහමට විරුද්ධ මත සඳහා ” කැමැත්ත අකමැත්ත ” දමති. ඒ කාලකන්නි අර එදා අප්‍රේල් 21 බෝම්බය බෝම් බයට පසුද මෙසේ කලයේය.බෝම්බ පිපිරුණු පසු අසරණයන් මැරී වැටුන පසු සිනාසුනු දේශපාලකයෝ අද චන්ඩින් වී ”කොරෝනා වත් තම බඩගෝස්තර දේශපාලනයට ආලෝකයක් කරමින් සිටි. ජාතියේ වාසනාවට රණවිරුවන් හා වෛද්‍යවරුන්  හා අනෙකුත් හෙද හා වේද සේවකයන් හා කවදත් අපේ සරණට සිටි. පින්වත් ස්වාමින් වහන්සේලා නිසා අපියම් තාක් දුරට තවමත් ආරක්ෂාවී තිබේ.
ඒ අපේ ජාතියේ වාසනාවක්ය. අසරණයන්ට සරණ වීමට විශේෂයෙන් බෞද්ධ අපිට අතිගරු ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනය කරණ විට පශ්චාත් භාගයේ අමාරුව සැදුණු හැමදාම අවලං කතා මුහුණු පොතේ ලියා තබන සිංහල බෞද්ධ වේශයෙන් ද  පෙනී සිටින බෞද්ධ නොවන මානසික රෝගීන් හට කියා  සිටින්නේ කරුණාකර බුදුදහමට අපහාස කිරීමක් සිදුවහොත් නිතිය  ක්‍රියාත්මක කිරීමට අප පසු නොබසින බවය. ඒ ඇයි කිවහොත් ධර්මය තුල දෙකේ දෙකේ පොලු නැති බැවින් නීතියේ පොලු ඔබ වෙත ක්‍රියාමත්ක කිරීමටය.

පිරිතේ ආනිශංශ : ‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය.

ඔබ සැමට සම්මා සම්බුදුසරණයි !
සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට