Fri. Jul 5th, 2024
Spread the News

මෙයා එන්න හදන්නේ අමුතුම පොට කට. කවුරුහරි කැත කරලා ගිය තැනක හෝදලා දාන්න ඉදිරිපත් වෙන එක හොඳ වැඩක් වුණත්, හෝදන වැඩේ වගේම හංදියක් මැද ප්‍රසිද්ධියේම මළපහ කිරිම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් බවත්, මතුවට හෝ එවැනි වැරදි නොවීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත්පැතුම් නොදන්නවා නොවෙයි.

පැතුම්ට අනුව බුදුදහමත් ආගමක්. ඒ නිසයි ඔහු දිගටම ආගමකට අපහාස වුණා කියා ජනතාව පිරිසක් කළඹණු පිණිස campaign කරණ බවක් කියන්නේ.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගෙවි යද්දිත් ලෝකය උඩුකුරු යටිකුරු
කරමින් කාදිනල් ගෙනගිය campaign එක ගැනත් පැතුම් පොඩියට හෝ සඳහනක් කළා නම් නේද හොඳ?

මෙයාම කියනවා ලංකාවේ බෞද්ධයන් උසිගැන්වීම් හරහා ලේසියෙන් නො කැළඹෙන බව.

එහෙමනම් campaign වල අරමුණ කුමක්ද ?

මෙයා බෞද්ධ වේශයෙන් පෙනී සිටියට වැඩ කරන්නේ දිය යටින් ගිනි ගෙන යන ලංකාවට හතුරුකම් කරමින් බුදු දහමේ හොඳ කියා තැලුණු බෞද්ධයින්ගේ සිත් සනසන මුවාවෙන් බටර් ගාන පුද්ගලයෙකුට.

පැතුම් පෙන්වන්න හදන්නේ බෞද්ධයින් අතරින් පිරිසක් දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙම campaign කරන බවයි.

මෙයා කියන්නට පෙරාතුව අප දන්නවා හරකා හැරෙන්නේ පොල් පැළේ පැත්තට බව. ඔව්! campaign එකක් නොවෙයි දහසක් කුමන්ත්‍රණ ආකාරයෙන් මේ ඉරහඳ යට හැම තත්පරයකදීම ක්‍රියාත්මක වෙනවා.

ඒක කරන්නේ බුදුන්ට හා බුදු දහමට විරුද්ධව දිනපතාම කරළියට එන ක්‍රිස්තියානි ප්‍රභවයකින් දියත් වෙන නින්දිත ක්‍රියාවන්ට සංවේදී නොවන ලෙස බෞද්ධයාට කියාදෙන campaign හරහා යි.

සුද්දා චීනුන්ට අබින් කන්න පුරුදු කර නිද්‍රාවට දැමූ අකාරයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධයින්වත් නිදි ගැන්වීමේ උපක්‍රමයක සුලමුල පැතුම් ගේ කතාවෙන් ප්‍රකට වූයේ බළලා මල්ලෙන් එළියට පනින ආකාරයෙන්.

පැතුම් ට අනුව Natasha දැරිවිය විසින් කර ඇත්තේ අහිංසක විහිළුවක්.

ජෙරම් ප්‍රනාන්දු ගැන ඔහු සඳහන් නොකළත් නොකියා කීවේ ඔහුත් විහිළුවක් කර ඇති බවයි.
මොවුන් මේ අර අදින්නේ බෞද්ධ විරෝධී බලවේගයකට රටේ දේශපාලන බලය ලබාදීමටයි. එසේ කළ හැකි වන්නේ බෞද්ධයින්ගෙ නිදහස් චින්තනය මොට කළහොත් පමණයි. ඊට අමතරව දළදා මාලිගාව කුඩු කර දැමුවත්,,රුවන්මැලි සෑයට හා ශ්‍රී මහා බෝධියට උඩින් අවුත් බෝම්බ දැමුවත් ඕවා ගණන් ගන්න එපා කියන campaign කාරයින් කරණ බෞද්ධයින්ගේ මොළ හේදිල්ල තුළින් ඇමෙරිකානු CIA හා කාදිනල් ද ඇතුළු Born Again කල්ලිවලට දේශපාලන බලය ලැබෙන අයුරින් ක්‍රීඩාව නිමා කරනු ඇත.

බෞද්ධකම යනු නිවටකමක් නොවන බව පැතුම් ට පමණක් නොව පැතුම්ගේ ගුරුන්නාන්සේටත් දැන්වීමට අප කිසිසේත්ම නොපැකිළෙන බව
දන්වනු කැමැත්තෙමු.

මෙයා කියන්නට පෙරාතුව අප දන්නවා හරකා හැරෙන්නේ පොල් පැළේ පැත්තට බව. ඔව්! campaign එකක් නොවෙයි දහසක් කුමන්ත්‍රණ ආකාරයෙන් මේ ඉරහඳ යට හැම තත්පරයකදීම ක්‍රියාත්මක වෙනවා.

අරගලය සාක්ෂාත් කර ගැනීමේ සාර්ථකත්වය සඳහා ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් පහත YouTube නාලිකා, පුද්ගලයන් සහ සංවිධාන පැතුම් අගය අගය කලා මතකයි
GotaGoHome2022
– SLVLOG
– නීතිඥ භාරත තෙන්නකෝන්
– සේපාල අමරසිංහ
– සාතන් ගුවන් විදුලිය (තරිඳු)
– උපුල් ශාන්ත සන්නස්ගල
උපදේශක චින්තන ටැංකිය
සත්‍ය පර්යේෂණ
– සහෝදරයා ටෙලි නාට්‍යය
– ආචාර්ය හර්ෂ ද සිල්වා
අසාම් අසීම් ​​ප්‍රවෘත්ති රේඛාව

More

  • තෙවැනි ඇස-
    04.06.2023

මොහුගේ වීඩියෝව ඇති Youtube එකට මා ලියූ කමෙන්ට් එක දැන් දකින්නට නෑ. නිසා මෙම ලිපිය මෙසේ පලකලා.