Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy Colombi Teligraph

පාස්කු ඉරිදා ප්‍රහාරය යනු ඉතිහාසයේ තවත් එක් ත්‍රස්තවාදී ක්‍රියාවක් පමණි.
එහෙත් Channel 4 යනු ලොව තවත් එක් නාළිකාවක් පමණක් නොවේ.
එය ජාත්‍යන්තර කුජීත දේශපාලනයේ දෘශ්‍යමාන බළල් අතකි. මාධ්‍ය මාෆියාවකි.

Channel 4 හැමදාමත් හිටියේ ත්‍රස්තවාදීන්ගේ පැත්තෙ.

ඇත්තෙන්ම ලෝකය පාලනය කරන්නේ ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා කීපයක් විසින් කීවොත් එය වැරදි නැත.

ලෝකය පාලනය කරන්නෙ ඒ නාළිකාවන් වුණත් එම පිරිස් පාලනය කරණු ලබන්නේ ඇමරිකන් සීඅයිඒ සහ රෝමයේ වතිකානුව යයි කිවහොත් එයත් වැරදි නැත. එය බොහෝ දෙනා නොදන්නා සත්‍යයකි.

එම බලවේග පල්ලිය තුළින් ක්‍රියාත්මක වෙමින් වෙනත් ආගමික කණ්ඩායම් වලටත් කාන්දු වී තිබෙනවා.

අද ලංකාවේ සමහර පන්සල් පවා පාලනය කරන්නේ පල්ලිය මගින්. පන්සලට අවශ්‍ය කරන මූල්‍යමය ආධාර පමණක් නොව තරුණ කාන්තාවන් හා මත්පැන් ද අඛණ්ඩව සැපයීමට සියලු කටයුතු යොදා අවසන්.

ලංකාවට පමණක් නොව ලෝකයටම පිළිලයක්ව තිබුණු කොටි ත්‍රස්තවාදය සාර්ථක ලෙස අවසන් කරන්නට අපගේ වීරෝධාර සෙබළුන් ට හැකි වුණා.

එහෙත් අවාසනාවකට මෙන් මෙම විරෝධාර සෙබළුන්ට සේවය කිරීමට සිදුවූයේ රටට නොව අන්ත දූෂිත දේශපාලුවන් ටය.
මේසා පරිත්‍යාගයක් කර දිනාදුන් මාතෘ භූමිය පව්කාර දේශපාලුවන් විනාශ කළ ආකාරය ශ්‍රී ලංකා ඉතිහාසය තුළ
නොමැකෙන කළු පැල්ලමක් ලෙස සදාකාලිකවම සටහන්ව තිබෙනු ඇත.
Channel 4 ට අනුව ලංකා ඉතිහාසයේ සිදුවුන ලොකුම ත්‍රස්තවාදී ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරයයි. ඔවුන් එසේ කියන්නේ ඉතිහාසය නොදන්නා නිසා නොව, ඉතිහාසය විකෘති කිරීම තුළින් ඔවුන් කැමති අන්දමේ රටක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීමේ බලවත් අභිලාෂය නිසයි.

කතෝලික ප්‍රතිකාල් හමුදාවන් සහ බ්‍රිතාන්‍ය පාලකයින් වෙල්ලස්සේ කරනලද මිනිස් සංහාර පිළිබඳව කතා නොකිරීමට කවුරුත් වගබලා ගනිති. එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොව එවකට තිබුණු පාලනය විසින් ගත් රාජතාන්ත්‍රික ක්‍රියාදාමයක් ලෙස
සුද්දාට ගැති අපේ ඊනියා උගතුන් කියනු ඇත.

යුද්ධය පැවති සමයේ පුනරින් කඳවුරට දුන් ප්‍රහාරයෙන් 1000 කට සොල්දාදුවන් පිරිසක් ඝාතනය වුණා. LTTE ත්‍රස්තයින් විසින් මඩකළපුවේ දී පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කර පුළුස්සා දමනු ලැබුවා.

මෙවැනි ඝාතන වාර්තා කිරීමට Channel 4 කැමරා වල කාච කිසිදිනක ඇරුනේ නැහැ.

එහෙත් වෙනත් රටක පැහැපත් සමක් සමග මුස්ලිම් පෙනුමක් ඇති පිරිසකගේ හිසට වෙඩි තබා ඝාතනය කරන දර්ශනවලට සිංහල දෙබස් කවා එම ඝාතන දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව ලංකාවේ හමුදාවන් විසින් කරන ලද්දේ යයි මහ පොළොව නුහුලන සාවද්‍ය ප්‍රචාරයක් ගෙන ගියේ මෙම දුෂ්ඨ Channel 4 නාළිකාවයි.

හෙට දවසේ ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්නට යෝජිත බලවේගයක් පමණක් නොව අපට අහිමි වූ ආත්මාභිමානය නැවත ගොඩනගා ගැනීම පිළිබඳ අභියෝගය භාර ගැනීම වෙනුවෙන් ද කැපවුණු දැවැන්ත ක්‍රියාදාමයක්ද විය යුතුයි.

ආර්ථිකය ඔස්සේ රට සුඛිත මුදිත කරන්න කතා කරන හැම එකාම කිසියම් සොරමුලක සාමාජිකයෙක් පමණි.

-තෙවෙනි ඇස-

06.09.2023