Fri. Jul 5th, 2024
Spread the News


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ
රාජ්‍ය භාෂාව, අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව ඉංග්‍රීසි නොවේ. දියුණු රටවලින් වැඩි රටවල් ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ නැත.

ශ්‍රී ලංකාව වැනි ස්වාධීනත්වයක් රහිත රටවල ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ හොරකම්, දූෂණ, අපරාධ සහ ඇත්ත වහගන්නය, යටපත් කරන්නය. වසර 75ක්ම සිඳුකරන්නේ එයයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් පාර්ලිමේන්තුවටවත් නොලැබෙන නිසා ඒවායේ දක්වා ඇති දේ පාර්ලිමේන්තුවද, ජනතාවද දන්නේත් නැත. උදා 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 2015 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත්වල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසියෙන් පමණක් ඇති නිසා 19 දෙවරක් ගෙනා බවවත් ඒවායේ පටහැනිතාවයන්ද ජනතාව නොදන්නේ ඒ නිසාය.

“නීතියේ සිංහල නුගමුල”
ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0712063394 (2023.04.20)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි?
http://neethiyalk.blogspot.com/2023/04/blog-post_21.html?m=1