Fri. Jul 5th, 2024
Spread the News

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා බීමතින් යතුරු පැදියකින් පැමිණි යාපනයේ තරුණයින් දෙදෙනෙකු 26 දා රාත්‍රී 10 ට පමණ බස්‌ රථයක ගැටීමෙන් සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස්‌ තිබේ.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ යාපනය චාවාකච්ෙච්රි නුනාවිල් ප්‍රදේශයේදීය.

ඉදිරියෙන් බස්‌ රථයක්‌ පැමිණි අවස්‌ථාවේදී තරුණයින් දෙදෙනා පැමිණි යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වී එය ලිස්‌සා ගොස්‌ බස්‌ රථයේ ඉදිරිපසම හැපී ඇත.

බස්‌ රථයේ පැමිණි මගීන් තරුණයින් දෙදෙනාව චාවාකච්චෙරි රෝහලට ඇතුළත් කොට ඇතත් ඔවුන් රෝහලට රැගෙන යන අවස්‌ථාව වන විටත් මිය ගොස්‌ තිබුණි. මෙසේ මිය ගොස්‌ ඇත්තේ එස්‌. සශිකුමාර් හා පී. මොහාන් රාඡ් නැමති වයස අවුරුදු 27 ක හා 29 ක තරුණයින් දෙදෙනෙකි.

මේ දෙදෙනා අනතුරකට ලක්‌ වූ බව සැලවීමත් සමගම ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට එක්‌ වූ ඔවුන්ගේ සෙසු යාළුවන් කීප දෙනෙකුම බීමත්ව යතුරු පැදි වලින් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ ඇති අතර පොලීසිය වහාම ක්‍රියාත්මක වී බීමත්ව යතුරු පැදි ධාවනය කළ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

චාවාකච්චෙරි පොලීසිය සිද්ධීන් පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ