Mon. Jul 8th, 2024
Spread the News

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
………………………………………..එස්.එල්.ඒ.ටී.ආරියතිලක 2022.10.23

ජනතාව විසින් ප්‍රජාව පාලනය කිරීම ප්‍රජතන්ත්‍රවාදය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ” ජනතාවගේ පරමාධිපත්‍ය ” යන වචනය මත සියල්ල පිහිටා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුල ඒ ස‍‍‍‍‍‍‍ඳහා දී ඇති අර්ථයන්, එහි සැබෑ තේරුම සෘජුව ස්පර්ෂ නොකරයි. “ජනතාවගේ පරමාධිපත්‍ය” නම් සෑම කෙනෙකුගේ ම පණට තිබෙන අයිතිය යි. සෑම කෙනෙකුට ම පණ රැක ගැනීමට තිබෙන අයිතිය යි. සෑම කෙනෙකුම විසින් සියලු දෙනාගේ පණ රක්ෂා කර දීමට ඇති අයිතිය යි.
සෑම කෙනෙකුගේ ම පණට තිබෙන අයිතිය පිළිගැනීම, පණ රක්ෂාකර ගැනීමට තිබෙන අයිතිය පිළිගැනීම, සියලු දෙනාගේ ම පණ රක්ෂා කර දීමට එකිනෙකාට ඇති අයිතිය පිළිගැනීම සහ ඒ වෙනුවෙන් සෑම දෙනෙකුට ම ක්‍රියා කිරීමට ඇති අයිතිය “ජනතාවගේ පරමාධිපත්‍යය” යි.
ඒ සඳහා පාලන ක්‍රමවේදයක් ඇවැසිය. පරම උත්කෘෂ්ඨ භාවය නම් වැරදි නොතිබිය යුතුය. ඒ සඳහා සම්මුති ඇවැසිය. එකී සම්මුති සම්මත කර ගැනීම නීතිය වේ.

ඉහත දැක්වූ පරමාධිපත්‍යයේ අයිතිය රටකට ගමකට පලාතකට ජනකොට්ඨාශයකට ලඝු කළ නොහැක. වෙන් කර දැක්විය නොහැක. බෙදීමකට ලක් කළ නොහැක. එකී අයිතිවාසිකම විශ්ව සාධාරණය. පණට තිබෙන අයිතිය විශ්ව සාධාරණය. සෑම කෙනෙකුගේම පණ රැක ගැනීමට තිබෙන අයිතිය ස්ථානයකට සීමා කළ නොහැක.
රටකට, පළාතකට, ගමකට, සීමා කළ නොහැක. භූමියේ ද ජලයේ ද ආකාශයේ ද කියා සිමා කළ නොහැක. පණට තියෙන අයිතිය විශ්ව සාධාරණය. පණ රැක ගැනීමට සහ අන්‍යයන්ගේ පණ රැක දීමට තිබෙන අයිතිය ද විශ්ව සාධාරණය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාවකෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත;

මෙහි පරමාධිපත්‍යයට පණට තිබෙන අයිතියත්, පණ රැක ගැනීමට ඇවැසි රාජ්‍ය පාලන සියලු උපාය මාර්ගික ක්‍රියා පිළිවෙතත් අන්තරගතය. “පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ ය” යන්න අනුව ලොව කිසිවෙකු හට අන්‍යයන්ගේ පණට තිබෙන අයිතිය නොසලකා හැරීමට, පණ රැක ගැනීමට කරන උත්සාහයට අකුල් හෙලීමට, අව තක්සේරුවකට ලක් කිරීමට අයිතියක් නැත. සියලු පාලන ක්‍රම මේ විශ්ව ධර්මතාවයට යටත් ය .
සියලු රාජ්‍ය පාලන නීති රීති පණට තිබෙන විශ්ව ධර්මතා අයිතිවාසිකමට ඉහලින් නැත. ලෝකයේ සම්මත කර පවත්වා ගෙන යන සියලු නීති සහ රීති පරමාධිපත්‍යයෙන් අර්ථවත් වන පණට ඇති අයිතියට යටත් ය. ඒ නිසා පරමාධිපත්‍ය නම් ජන සම්මත වාදී ප්‍රජාතන්ත්‍රවාදය යි. එහි උරුම කාරිත්වය එක් පුද්ගලයෙක් සතු නොවේ. එය විශ්වීයයි. සියලු සත්වයෝම එහි උරුම කරුවෝය.
සෑම රාජ්‍යක් විසින්ම සෑම පුද්ගලයෙකුගේ ම පණට තිබෙන අයිතිය සුරක්ෂිත වීමට ඇවැසි, ආහාර, නිවාස, වාසස්ථාන සුරක්ෂිත බව, සියලු දෙනාගේ ජීවිත සහ දේපොළ රැක දීම, සෞඛ්‍ය රක්ෂාවරණය, අධ්‍යාපනය සහ ජීවනෝපායට ඇවැසි වෘත්තීය දැනුම ලබා දීම,
ජිවිත ගෞරවය සහ සදාචාර වර්ධනයට මඟ සෑදීම, ආදී කුදු මහත් සියලු විධි විධාන සහ කටයුතු සැලසීමට වගකීමෙන් බැදී ඇත. එයට පිටස්තව ක්‍රියා කිරීමට ලෝකයේ කිසිදු රජ්‍යයකට, පුද්ගලයෙකුට අයිතියක් නැත. යමෙක් මෙයට පටහැනිව ක්‍රියා කරේ නම් ඔහු මානව සංහතියට ද්‍රෝහී තැනැත්තෙකු වේ.

විශ්ව ධර්මතාවයෙන් ප්‍රශංසා ලබන පුද්ගලයකු වීමට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාද විශ්ව අයිතියකට, පෘතක්ජන කිසිවෙකුට අයිතිවාසිකම් කීමට හෝ පෘතජ්ජනයෙකු වෙත පැවරීමට හෝ කිසිවෙකුට ඉඩක් නැත.

– ආරියතිලක