Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy freepik

ආරියතිලක
2024.02.19

එළැඹෙන මාර්තු මස 09 වැනි දා පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සූදානම් බව මාධ්‍ය හැළි කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලතල අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණක් ප්‍රකාශයට පත් කර කැදවා ඇති අවස්ථාවක, එම මැතිවරණය පැවැත්වීමට මුදල් ප්‍රතිපාදන ඇතුළු සියලු පහසුකම් ඒ ඒ ලබා දීම්වලට වගකිව යුතු ආයතන පැහැර හරී නම් මැතිවරණ කොමිසම් සභාව විසින් කළ යුත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව ක්‍රියාකොට මැතිවරණය පැවැත්වීමට ඇති බාධා දුරළීමට ක්‍රියා කිරීම ය. එකී, ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවෙන් හිමි බලතල ක්‍රියාත්මක නොකර හැරීම ම, මැතිවරණ කොමිෂන් සභාව තම නීතිමය වගකීම පැහැර හැරීමෙන් මැතිවරණය පැවැත්වීමට එරෙහිව පවතිනවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන නොසකා හැරීම ජනතා පරමාධිපත්‍යයයේ බලය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
දැන් නම් මේ රටේ ඇත්තේ “වැඩ බැරි ටාසන්ලා” පමණක් ද? යනුවෙන් ද සිතේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1)
“පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍ය්වස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නො කළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදයක බලය ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටිවිය යුත්තේ ය.” යනුවෙන් ව්‍යවස්ථාපිත බැවින් මැතිවරණ කොමිෂන් සභාව විසින්, ව්‍ය්වස්ථාවෙන් හිමි බලතල නොසලකා හරී නම් එය පාර්ලිමේන්තුවෙ ව්‍යවස්ථාදායක බලයට කරන නොසලකා හැරීමකි. එබැවින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක බලය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය.

එසේ නොවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථා ප්‍රකාරව මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ප්‍රථම පාර්ලිමේන්තුව ඉදිරියෙහි දිය යුතු නිළ ප්‍රතිඥාව හෝ දිවුරුම වන
“…….. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට/ ගෞරව බහුමානයෙන් යුත්තව ප්‍රතිඥා දෙමි/දිවුරුම් දෙමි” යන ප්‍රතිඥාව හා දිවුරුම සහ අත්සන් කිරීම අනුව එකී දිවුරුම් දීම අනුව කටයුතු නොකර හැරීමක් බව කිව යුතු ය.