Fri. Jul 5th, 2024
Spread the News

ආරියතිලක
2023.01.13

රජයේ සේවකයනට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම ,සමෘද්ධි සහනාධාර ඇතුළු රජයෙන් ජනතාවට හිමි විය යුතු සියලු සුභ සාධන කටයුතු, සෞඛ්‍ය පිළිබඳ පහසුකම් සැළසීම ඇතුලු රජයේ සියලු කුදු මහත් කාර්‍යය සහ කර්තව්‍යයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසි ජනතාවට හිමි පරමාධිපත්‍යයේ අයිතිවාසිකම් බව කිව යුතු ය. ඡන්ද හිමි කම ද නිසි කලට මැතිවරණ පැවැත්වීම ද සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමි පරමාධිපත්‍යයයේ අයිතිවාසිකමකි.
මෙකී අයිතිය කිසිවෙකුටත් ම අහුරාලිය නොහැක. අත්හළ නොහැක. බලහත්කාර කමෙන් රාජ්‍ය බලයෙන්, පවරා ගැනීම ද උල්ලංඝනය කිරීම ද කළ නොහැක. මිලිටරි බලය යොදා යටපත් කළ නොහැක.
මෙකී පරමාධිපත්‍යට පටහැනිව ක්‍රියා කිරීමට, කතා කිරීමට කිසිවෙකුටත් ම බලයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් වී “පළත් පාලන මැතිවරණය පැවැත්වීමට නම්
රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව සහ
සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇතැයැ,’යි අමාත්‍යවරයෙකු විසින් ප්‍රකාශ කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කරන තර්ජනයකි; නිග්‍රහයකි; අවමානයකි;
මහජන නියෝජිතයන්ගේ කාර්‍ය්‍ය වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි සියලු අයිතිවාසිකම් ජනතාවට හිම් වන පරිදි රජය කළමනාකරණය කිරිම ය. එසේ බැරි නම් එම ධූරයන්ට පත් නොවී සිටිය යුතු ය. පත් වී ඇත්නම් ධූරයේ වගකීම දැරිය යුතු ය. එසෙර් බැරි නම් ඔහු කොහැකි පුද්ගලයෙකි. බැරි කම ඇතිව ධූරය දැරීම රටට කරන මහත් අපරාධයකි. මන්ත්‍රී ධූරය, අමාත්‍ය ධූරය ජනතව සතු බැවිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් හිතළු කිය කියා ජනතාවට තර්ජනය නොකළ යුතු ය. ජනතාවගේ ජීවත් වීමට ඇති හිමි කමට නිගා නොකළ යුතු ය. අද මේ රට මේ ආර්ථික පරිහානියට පත් කළේ සාමාන්‍ය පොදු මහ ජනතාව නොවේ. පරමාධිපත්‍යයේ බලය, ජනතාවගේ පණ රැක ගැනීමට තිබෙන සියලු අයිතිවාසිකම්, හිතළු මත මන දොළ සපුරා ගැනීමට, පාලක කාරකාදීන්ට තම තමන්ගේ අවශ්‍යතාවය පරිදි මෙහෙය වීමට ඉඩක් නැති බවද කිව යුතු ය.