Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy Daily Mirror

ආරියතිලක
2023.01.14

මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව බවත් මෙම මැතිවරණය ගමේ ඡනදයක් බැවින් ගටුම්කාරී තත්වයන් වැළක්විමට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවිය යුතු බවත් ඒ සඳහා යෙදවීමට පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් තරම් නොමැති බවද පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබන බව අද මාධ්‍ය වාර්තා කර ඇත.


ඡන්ද බලය, මැතිවරණ පැවැත්වීම, පාලන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව සතු පරමාධිපත්‍ය අයිතිවාසිකම් වේ.
මැතිවරණ පැවැත්වීමට, ඇවැසි සියලු විධි විධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් මගින් සලසා ඇත.

නිසි කලට ඡන්ද විමසීම් පැවැත්වීම, රජයේ වගකීම ය. ඡන්ද විමසීම්වලට අවශ්‍ය මූල්‍ය පහසුකම්, එයට අවශ්‍ය පොලිස් නිලධාරීන්ගේ සහ මැතිවරණ රාජකාරී සඳහා ප්‍රමාණවත් තරම් නිලධාරීන් යෙදවීමට රජය බැදී සිටී. මැතිවරණයක් පැවැත්වීමට ප්‍රමාණවත් තරම් පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් නොවේනම්
පවතින ආණ්ඩුව විසින් මැතිවරණ පැවැත්වීමට තරම් පොලිස් නිලධාරීන් සහ රජයේ නිලධාරී පවත්වා ගත යුතු ය. පළත් පාලන ඡන්ද විමසීමකට පොලිස් නිලධාරීන් ප්‍රමාණ්වත් නොවේය’යි කීම පුදුම සහගත ය. ඒ කියන්නේ ජනතාව සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි පරමාධිපත්‍යය බලය ආණ්ඩුව විසින් නොසකා හැරීමකි.

සෑම මැතිවරණයක් පැවැත්වීම සඳහ මුදල් අනුමත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය බැදී සිටී. 2020. මහමැතිවරණයට මුදල් වෙන් කිරීම, මැතිවරණය පැවැත්වීමට එකී මුද්ල ලබා දීම, මැතිවරණය පැවැත්වීමෙන් පසු හිඟ වූවානම් පසුව හෝ ලබා දීම , හදිසි ආපදා තත්වයකදී හැර අනෙක් සියලු සංවර්ධන කටයුතුවලට වඩා ප්‍රමුඛතාවය දී පූරණය කළ යුතු ය. හේතුව මහ මැතිවණය යනු ව්‍යවස්ථාදායකය බලගැන් විම බැවිනි.

මෙතෙක් කාලයක් පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවා හැරීම, ආණ්ඩුව විසින් ජනතාවගේ පරමාධිපත්‍යට කරන ලද මදි පුංචි කමකි. නිග්‍රහයකි.
පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු හිඟ මුදල් පිළිබඳ මතක් කර දීම ද කලෝචිත ය.

පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවිය යුතුවා මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය ද සුරැකිය යුතු ය. මේ කුමන හේතුවක් නිසාවත් පළාත් පාලන ඡන්ද විමසීමට බාධාවක් නොවිය යුතු බව අපගේ අදහස ය.
ඡන්දයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක, මැතිවරණ රාජකාරි කළ නොහැකිය’යි කිසිදු රජයේ නිළධාරියෙකුට, කීමට බලයක් නැත.
ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ
“104 ඇ(1) අවස්ථාවෝචිත පරිදි ඡන්ද, විමසීමක් පැවැත්වීම සඳහා නියමයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට නියම කරමින් ප්‍රකාශනයක් හෝ කරනු ලැබූ විට, අවස්ථාවෝචිත පරිදි, ඒ ඡන්ද විමසීම හෝ ජනමත විචාරණය හෝ පැවැත්වීම සඳහා කොමිෂන් සභාවට අවශ්‍ය පහසුකම් සහ පොලිස් නිලධරයන් සංඛ්‍යාව කොමිෂන් සභාව විසින් පොලිස් පතිවරයාට දැනුම් දිය යුත්තේ ය.”

(2) මේ ව්‍යවස්ථාවේ (1) වන ඡේදය යටතේ කරනු ලැබූ දැනුම් දීමක නිශ්චිතව සඳහන් පහසුකම් සහ පොලිස් නිලධරයන් පොලිස් පතිවරයා විසින් කොමිෂන් සභාවට ලබා දිය යුත්තේ ය.” යනුවෙන් ද

104 ඇ(4) මෙම ව්‍යවස්ථාවේ (2) වන ඡේදය යටතේ කොමිෂන් සභාව වෙත සපයන ලද සෑම පොලිස් නිලධාරියෙකු ම, ඡන්ද විමසීමක කාලය තුලදී කොමිෂන් සභාවට වගකිව යුතු අතර කොමිෂන් සභාවේ විධානය සහ පාලනය යටතේ ක්‍රියා කළ යුත්තේ ය.” යනුවෙන් ද,

104 උ. යම් ඡන්ද විමසීමකදී හෝ ජනමත විචාරණයකදී කාර්ය සහ කර්තව්‍ය සියලු ම රජයේ නිලධරයන් විසින්, ඒ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධාන වලට යටත්ව ක්‍රියා කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිව යුතු සහ උත්තර දිය යුතු ය.

” 104උඋ (1) කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව –
(අ) යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන; හෝ

(ආ) 104(අ) ව්‍යවස්ථාවේ පිළිවෙලින් (4) වන අනු ව්‍යවස්ථාවේ (අ )ඡේදය හෝ (5) වන අනු ව්‍යවස්ථාවේ (ආ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානයක් හෝ උපමාන සමඟ කටයුතු කිරීමට අපොහොසත් වන

යම් රජයේ නිලධරයෙකු, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති යම් වෙළඳ ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සේවා නියුක්තිකයකු සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සළකනු ලබන සහ ස්වකීය කොටස් වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන යම් සමාගමක් වරදකට වරදකරු වන අතර, වරදකරු කිරීමේදී රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනක් නොයික්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුත්තේ ය.”
යනුවෙන් ව්‍යවස්ථාපිත ය.