Wed. Jul 3rd, 2024
Spread the News

යමෙකු
දේශපාලනයට පස්ස දොරෙන් ආවද ඉස්සරහ දොරෙන් ආවද කියන එක කාදිනල්ට අදාල ප්‍රශ්නයක් නොවෙයි.

වතිකානුවේ දී පූජකයෙක් වීමට අවශ්‍ය පුහුණුව ලබනවා වෙනුවට රට තුළ ආගමික කැළඹීම් ඇතිකර රට දේශපාලන වශයෙන් අස්ථාවර කරන ආකාරය ගැන මනා පුහුණුවක් ලැබූ මැල්කම් රන්ජිත්,
ශ්‍රී ලංකාව තුළ අදටත් කරමින් සිටින්නේ රටේ සදාචාරය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.

ගෝඨාභයට ඡන්දය දෙන්න කියා ඔහු ප්‍රසිද්ධියේම කතෝලික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියා.

ඔහු බලාපොරොත්තු වන දේ ගෝඨාගෙන් ඉටු නොවීම නිසා කාදිනල් ගේ ගෝල බාලයන් ලවා අරාබි වසන්තය ලංකාවේ දියත් කොට ලිබියාවේ ගඩාෆිට අත්වූ ඉරණම ගෝඨාභයටත් ලබාදීමට කළ උත්සාහය නිරර්ථක වූ පසු, අපි ජනාධිපති කෙනෙකු පන්නා ගත්තා කියා උදම් අනන්න පටන් ගත්තා.

රාජපක්ෂ පවුල විසින් කරන ලද සියලුම හොරකම් පිටුපස සැඟවී සිටිමින් වංචා දූෂණ හා සොරකම් වලට අවශ්‍ය දේවාශීර්වාදය නිරතුරුවම ලබා දුන්නා.

රනිල් එලවා දැමිය යුතුයයි ඔහු ගෙන යන සටන ඇත්තෙන්ම ජනතාව මුළා කිරීමක්.

කාදිනල්, මහින්ද, රනිල් මේ සියලු දෙනාම වැඩ කරන්නේ එකම කණ්ඩායමක එකම න්‍යාය පත්‍රයට අනුව.

එම න්‍යාය පත්‍රයට අනුව ශ්‍රි ලංකාවෙන් බුදු දහම තුරන් විය යුතුයි.
බෞද්ධයින්ගේ අක්මුළ් සිඳ බිඳ දැමිය යුතුයි.

මුළු රටම මත් කුඩුවලට හා අනාචාරයට යොමු විය යුතුයි. සමරිසි හැසිරීම මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් විය යුතුයි.

ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත වූ හිඟන රටක් විය යුතුයි.

නමුත් එක දෙයක් මතක්කර යුතුයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ මොවුන් මොන
කරනම් ගැසුවත්, බෞද්ධ සංස්කෘතිය ඉදිරියේ වතිකානුවට තබා දිව්‍ය ලෝකයේ වැඩ වසන සර්වබලධාරී දෙවියන් වහන්සේටවත් අවසාන වශයෙන් කළ හැකි දෙයක් නැති බවත් අවධාරණයෙන් ම පවසනු කැමැත්තෙමු.

අවසාන වශයෙන් කර්මය පළ දීම වැළැක්වීමට දෙවියන්ට තබා දෙවියන්ගේ දෙවියන්ටවත් බැරි බව ලෝකයාටම පසක්වන දිනය වැඩි ඈතක නොවන බව
මතක් කර දෙමු.

– තෙවැනි ඇස-
11.06.2023