Wed. Jul 3rd, 2024
Spread the News

කුඩා පක්ෂයක නායකයෙකුව සිටින ගම්පහ උසාවියෙ වැඩ කරන මා හදුනන නීතිඥයෙක් මම අරගල කරුවන්ට අපහාස කරන බවක් කියමින් පවතින ක්‍රමය ස්ථාපිත කරන්න උදව් කරන්න එපා කියා මොහොතකට කලින් ඉල්ලීමක් කර තිබුණා.

වසර පහක පමණ කාලයක් තිස්සේ මා හොඳින් හඳුනන ඔහු මා වෙත මෙවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් ම අරගල කරන මිනිසුන් වගේම අරගල මෙහෙයවන මිනිසුන්ගේත් මානසික තත්ත්වය කෙබඳුදැයි වටහා ගන්න පුළුවන් වුණා.

මාගේ ප්‍රතිචාරය වූයේ:

අරගලය පටන් ගත්ත මිනිස්සු අවංක උනාට අරගලය අල කර නැවතත් මිනිසුන්ට අරගල එපාවෙන අන්දමට අරගලය අවසන් කළ පිරිස අවංකයි කියා ඔබ සිතන්නේද?

සිතීමේ අයිතිය ඔබ සතුයි. එමෙන්ම එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතියද මා සතු බව ඔබ පිළිගන්නවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

කිලෝමීටර් දහදාහක පමණ දුර සිට මා දකින සිදුවීම් ඒ රටේ ජීවත්වන මිනිසුන් නොදැකීමේ පාපය මිනිස්සුන්ට ගෙවා දැමීමට සිදුවී ඇත්තේ ඔවුන්ගේ එදිනෙදා බඩවියතෙන්.

බලයේ සිටින මිනිසුන්ගේ හා කාදිනල් ගේත් තිර රචනයකට අනුව
“අරගලය” නමින් නාට්‍යයක් ගාලු මුවදොරදී දිවා රෑ රඟ දැක්වූ බව නම් මුළු ලෝකයාම දන්නවා.

එහි උච්ඡතම අවස්ථාව කලින් සැලසුම් කළ පරිදි ම රනිල්ගේ පදවි ප්‍රාප්තියයි.

ජනතාව අමනකම් කළේ අද ඊයේ පමණක් නොවේ.

මුළු ඉතිහාසය පුරාම අරගල කළ මිනිසුන්ගේ වර්ණය වූයේ රතු පාටයි.

පීඩිත ජනතාවගේ සැබෑ අරගලය hijack කළ කාදිනල් මහදැනමුත්තා අරගලයේ වර්ණය විය යුත්තේ කළු පාට බව
තීරණය කළේ ඇයි ද යන්න ඔබ දන්නවාද?

අරගලයේ සැබෑ මුහුණුවර ගැන විචාරාත්මක ලිපියක් ලියන ලෙස මට ඇරයුම් කරන මාධ්‍ය ආයතනයක සේවය කරන්නේ විදේශිකයින් නොව ශ්‍රී ලාංකිකයින් ය.
ඔවුන් ඒ ඉල්ලීම මා වෙත යොමු කළේ එවැන්නක් ලියාගන්න තරම් මොළයක් ඔවුන්ට නැති නිසාද?

නැත මිත්‍රය! ඔවුන් ස්වාධීන නිසාත්, මා දකින්නේ සත්‍යය බව ඔවුන්ටත් වැටහෙන නිසාය.
පවතින ක්‍රමය ස්ථාපිත කිරීමට මට අවශ්‍යතාවයක් තිබුණේ නම් මාගේ සමීපතම මිතුරන් ව සිටී, චන්ද්‍රිකා මහින්ද ගෝඨාභය වැනි ජනාධිපතිවරුන් රටට කළ හානිය ඒ මොහොතේම පෙන්වා දීම වෙනුවට ඉතා උසස් තනතුරු ලබා ආඩ්‍යමත් ජීවිතයක් ගත කරන්න ඉඩ තිබුණා.

ගතානුගතික චින්තන රාමුවෙන් ඔබ්බට නොයා ඔබට කිසිදාක මා තේරුම් ගැනීමට නොහැකි වණු ඇත.
තේරුම් ගත්තා කියා ඇති පලක් ද නැත.

– තෙවැනි ඇස-

27.05.2023

CCTV footage showed the MP Amarakeerthi Athukorala and his security officer fleeing into a nearby building. They were later found dead
Even President Ranil Wickremesinghe’s house was set on fire destroying his library which contained a very valuable collection of rare books.