Wed. Jul 3rd, 2024
Spread the News

ලංකාවේ වසන මගේ යහළුවෙක් විසින් අසන ලද ප්‍රශ්නය හා එයට මා දුන් පිළිතුර
මෙසේයි:

මට පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා .
සුද්ධෝදන උපත හා බුද්ධත්වයට පත්වීම යන දෙදින මoගල කාරනා වුවත් පරිනිර්වාණය මoගල කාරනයක් ලෙස සමරන්නේ ඇයි.කව්ද එහෙම නම් කලේ?

මාගේ පිළිතුර:

සුද්ධෝදන උපත නොවෙයි සිද්ධාර්ථගේ උපත හා බුද්ධත්වයට පත්වීම මෙන්ම පරිනිර්වාණයත් මංගල කටයුතු සේ සිතීමේ වැරැද්දක් නොවන්නේ, උපත සාමාන්‍ය ගිහියකුගේ වීමත්, බුදු වන්නේත් ගිහියෙකු වීමත්, නමුත් මිය යන්නේ බුදුවරයෙකු වීමත් නිසයි.
මියයාම අවමංගල්‍යක් වන්නේ පුහුදුන් ක්ලේශ වලින් බරිත මිනිසුන්ටයි.

වෙනත් ආගම් වල සාස්තෘන් ට වගේ සදාකාලික ජීවිතයක් බුදුන් වහන්සේට අවශ්‍ය වී තිබුනේ නැහැ.

දුක් විඳින සියලුම සත්වයින් දුකෙන් මුදාලීම සඳහා ඉතාමත් කටුක ජීවිතයක් ගත කරමින් බුද්ධත්වයට පැමිණුනා.

මෙහෙවර අවසන් ජීවිතෙන් පමණක් නොව සංසාරෙන් ද සමුගැනීම සාමාන්‍ය මංගල කාරණයක් නොව මහා මංගල කාරණයක්.

– එඩ්වර්ඩ් –
(තෙවෙනි ඇස)

05.05.2023