Fri. Jul 5th, 2024
Spread the News

රැවටීමටත් රවටනු ලැබීමටත් නිශ්චිත කාල නිර්ණයක් නැහැ

මිනිස් ඉතිහාසය හපන්කම් වගේම පුරසාරම් සහ මෝඩකම් වලින් පිරී තිබෙනවා.

අපි මිනිස්සු කියන්නේ අපි නිවැරදි කියන එක නොවෙයි. නමුත් අපි නිවැරදි නම් අපට අප මිනිසුන් හැටියට
හඳුන්වා දිය හැකියි.

බියට පත්වුණු මිනිසුන් ගස් ගල් සරණ යන බව බුදුන් වහන්සේ කිව්වේ වසර 2500 කටත් කලින්.

එදා තිබුණු ගල් අදත් තිබුණත් එදා තිබුණු ගස් අද නැහැ. එදා හරිත වර්ණයෙන් බැබලුනු ගහ කොළ බොහෝවිට අද දක්නට ලැබෙන්නේ ඡායාරූප වල. එදා සශ්‍රීක පොළොවක් වෙනුවෙන් යුධ වැදුණු මිනිසුන් අද කාන්තාර බෙදා ගැනීම සඳහා එකිනෙකා යුද වදිති.

අමන මිනිසා සකල සත්වයාට අම්ලකර සැපයූ දැවැන්ත රුක්ෂ කපා හෙළන අතරම, මිනිස්කමෙන් අඩක්ද කපා හෙළා දමා ඇත.

පැවැත්ම පිළිබඳ ආරක්ෂාව සපයනවා වෙනුවට අනාරක්ෂිත බවේ බීජ වපුරා අස්වැන්න ලෙස දරිද්‍රතාවය නෙලා ගනිමින් බෙදා ගනිමින් තමන්ව සූරා කන, තමන්ව රවටන පුද්ගලයින්ටම ආවඩමින් බලය ලබාදෙමින් හිස් අහසට දෑත් දිගු කරමින් අසරණකම කියාපාමින් සිටිති.

අනාරක්ෂිතභාවය වෙනුවට සුරක්ෂිතතාවය, සර්ව අශුභවාදිත්වය වෙනුවට සර්ව සුබවාදීත්වය මෙන්ම උමග කෙළවර යළි ආලෝකය දකින්නට
මිනිසුන්ට කියා දෙන යාන්ත්‍රණයක් සකස් කරදීම හැර වෙන සරණක් මිනිසාට ඉතුරු වී නැත.

ඔබට මෙය කළ නොහැකි නම් අනාගත පරපුරට හෝ ඒ මඟ පෙන්වා දෙන්න.

ආත්මාර්ථය විසින් තමාව තමාටම කොටු කර තැබූ වහල් යුගයෙන් බැහැරව අලුත් ලෝකයක් තනන්න ඉදිරියට එන්න!

පක්ෂ දේශපාලනය නමැති බොරුවේ වංචාවේ හා දූෂණයේ කඩතුරාව
කීතු කීතු ඉරා දමන්න!

අප දැකීමට බලාපොරොත්තු වුණු ආලෝකය
ඉහත කී කඩතුරාවෙන් මෙතෙකල් වැසී තිබුණු බව එදාට ඔබට මෙනෙහි වනු ඇත.

  • තෙවැනි ඇස-
    26.12.3024