Mon. Jul 8th, 2024
Spread the News

නිවණ තේරුම් ගැනීමට නිවණ් දකින්නම අවශ්‍ය නැහැ. නමුත් නිවණ් සාක්ෂාත් කර ගැනීමට සපුරාළිය යුතු පූර්වකොන්දේසි මොනවාදැයි පැහැදිලි කරන්නේ බුදු දහම පමණයි.
ඉලක්කය වෙත ළඟාවිය හැක්කේ නියම දිශාවට ගමන් කිරීමෙන් පමණක් බව අප තේරුම් ගත යුතුයි.

කලකට ඉහත දී ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාල ආශ්‍රිතව බිහිවුණු පුෂ්ප සංස්කෘතිය( Flower Culture) ට නායකත්වය දුන් මහාචාර්යවරයා විසින් කියා තිබුණේ
LSD මත්ද්‍රව්‍යය ගැනීමෙන් නිවණ් දැකීමේ දී ඇතිවන ශාන්තවූ සිතට සමාන හැඟීමක් ඇතිවන බවයි.

එය හතු පිපෙන්නාක් මෙන් ඇතිවී ඒ ක්ෂණයෙන්ම නැතිවී ගියා. මන්ද ඒ කියන නිවණ රසායනික ද්‍රව්‍යයක් මගින් ඇතිකරන කෘතිම උත්තේජනයක් වන නිසා.

සමහරවිට එම මහාචාර්යවරයා වයින් වීදුරුවක් හෝ ඊටත් වඩා සැර විස්කි වැනි දෙයක් පානය කළ විට දැනෙන බමණ ගතිය හා පාවෙනවා මෙන් දැනෙන වින්දනය නිවණට ආදේශ කළා විය හැකියි. එතුමන්ලා එදා එසේ සිතුවා විය හැකියි.

බටර් වෙනුවට මාගරින් ආදේශකයක් ( substitute ) ලෙස පාරිභෝජනයේදී භාවිතයට ගතහැකි වුවත්, මාගරින් කිසිදිනක බටර් තත්වයට පත් වන්නේ නැත. එය වාණිජමය නිර්ණායකයක් පමණක් නොවෙයි.
සැබෑ ස්වභාවය පිළිබඳ යථාර්ථයක්.

මේ නිසාම බුදු දහම විමුක්ති මාර්ගයක් කියා බුද්ධිමතුන් හඳුන්වනවා. මෙයින් අදහස් කරන්නේ නෑ නිවන් දැකිය හැක්කේ බුද්ධිමතුන්ට පමණයි කියා.

නිවණ සාපේක්ෂ දෙයක් කියා මට පැහැදිලි කරන්න බැරි, නිවණ නිරපේක්ෂ සත්‍ය හරහා පමණක් අවබෝධ කරගත යුතුව ඇති තත්ත්වයක් පමණක්ම වන නිසායි.

-තෙවැනි ඇස-
07.12.2023