Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy Shutter stock

කිසිම පක්ෂයකට නොබැඳී ස්වාධීනව කටයුතු කරන උගත් දක්ෂ අවංක පුද්ගලයින් ගණනාවක් රට තුළ මෙන්ම රටින් පිටත් ජීවත් වෙනවා.

නිර්පාක්ෂික නිරාගමික, ජනවාර්ගික නොවන
රාජ්‍ය පාලනයක් සඳහා අප විසින් හදුනාගෙන ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන් ලුහුඬින් මෙසේ දැක්වේ:

  1. රටේ ප්‍රශ්න විශ්ලේෂණය කිරීම සහ ඊට පිළියම් සොයන (දේශපාලන න්‍යායකට එහා ගිය) සමාජ දර්ශනයක් මත රටේ අනාගත දේශපාලනය ව්‍යුහගත කිරීම
  2. ඊට සුදුසු පුද්ගලයින් වයස සීමාවන්ගෙන් සහ ජන වාර්ගික භේදයකින් තොරව සංවිධානයක් තුළට ගැනීම
  3. පුද්ගල අනාරක්ෂිත භාවයට මෙන්ම සමාජ අනාරක්ෂිතභාවයට ද හේතු දැන් පැහැදිලි නිසා, ඉන් මිදීම පිළිබඳ සාමූහික විඥානයක් ගොඩනැංවීම සඳහා එයින් මිදීමේ මාර්ගය තත්ත්ව තරාතිරම් පවුල් පසුබිම්, පළාත් හා ජනවාර්ගික බෙදීම් නොසලකා පොදුවේ මිනිසුන්ට බලපාන ප්‍රශ්න තුළින්ම ජනතාවට එය තේරුම් කරදීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගැනීම
  4. පාර්ලිමේන්තුව ජනතාවගේ බදු මුදලින් යැපෙන වැඩිහිටි නිවාසයක් නොව රට දියුණු කිරීමේ වැඩපිළිවෙලවල් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන ප්‍රධානම රාජ්‍ය පරිපාලන ආයතනය බවට පරිවර්තනය කර සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුගේ සිට ජනාධිපති දක්වා සෑම පුද්ගලයෙක්ම ජනතාවගේ සේවකයෙක් ලෙස වරප්‍රසාද වලින් තොරව සේවය කිරීමට සදාචාරාත්මකව පමණක් නොව නීතියෙන් ද බැඳී සිටින බව ප්‍රඥප්තියක් බවට පත් කිරීම

5.එක් පවුලකින් එක් පුද්ගලඑයෙකුට පමණක් මහ මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීම

  1. රටේ ජාතික ආරක්ෂාව, භාෂාව ප්‍රධාන ආගම, විදේශ ප්‍රතිපත්තිය, සංවර්ධනය පිළිබඳ ආකෘතිය වෙනස් කිරීම ජනමත විචාරණයක් තුළින් පමණක් සිදුකිරිම

7.මීළඟ ජනාධිපතිවරණය, රටේ නායකයා ලෙස එක් පුද්ගලයෙක් තෝරා ගැනීම සඳහා පමණක් නොව ව්‍යවස්ථාවේ වෙනස් කළ යුතු වැදගත් අංග කීපය පිළිබඳව ජනතාවගේ කැමැත්ත ලබාගත හැකි ජනමත විචාරණයක්ද ඒ මැතිවරණය තුළට ඇතුළත් කළ හැකියි.

ජනවර්ග හා ආගම් වල නමින් දේශපාලන පක්ෂ පිහිටුවීම සහ පවත්වාගෙන යෑම තහනම් කිරීම පිළිබඳ ජනතාවගේ තීරණය ද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ඉතා ඉහළ සුදුසුකම් ලැබූ ජේෂ්ඨ පුරවැසියන් ගෙන් සමන්විත දෙවන මන්ත්‍රි මණ්ඩලයක් ( සෙනෙට් සභාවක්) පිහිටුවීමටද ඇති කැමැත්ත හෝ අකමැත්ත ද මේ කියන ජනමත විචාරණය තුළින් ලබාගත හැකියි.

  1. බල කිරීමකින් තොරව ව්‍යවසායකයින්ට රජය හා එක්ව ව්‍යාපාර පවත්වාගෙන යාමට උනන්දු කිරිම.
    රජය හා සම්බන්ධව කරන ව්‍යාපාර වලදී රජයට හිමිවන ප්‍රතිශතයට අනුපාතිකව බදු සහන, අමු ද්‍රව්‍ය ලබාදීම, විදේශ වෙළෙඳපොළවල් සොයාදීම හා නිර්යාත කටයුතුවලදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම
  2. සමාජ ආර්ථික ගැටළු වර්ගවාදී හෝ ආගම්වාදී පදනමක් මත හඳුන්වාදීම තහනම් කර රටේ හැම ප්‍රශ්නයක්ම පොදු මානුෂික ප්‍රශ්න සේ සලකා කටයුතු කිරීම රාජ්‍ය පරිපාලනයට ඇතුළ් කිරීම

10, ජාතික ආරක්ෂාව අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියාව හා මාධ්‍ය නිදහස පුද්ගලයා අනාරක්ෂිත භාවයෙන් මුදවාලීම අරමුණු කරගෙන ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම

ඉහත සඳහන් වෙන්නේ අනාගත පාලනයකට සුදුසු සමාජ ව්‍යුහයක මූලික අංග කිහිපයක්.

System Change වැනි සම්ප්‍රප්පලාප වෙනුවට තනි තනිව හඳුනාගත් ක්ෂේත්‍ර වල ව්‍යුහය වෙනස් කිරීමෙන් ඒවායේ කෘත්‍යන් ද වෙනස් වනවා ඇත.
දේශපාලනීකරණය ශබ්දකෝෂයෙන් පවා ඉවත් කළ යුතුයි.

වෙනස වෙනසක් සඳහා නොව යහපත් පැවැත්මක් සඳහා අරමුණු කර ගනිමු.

( මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

03.04.2023