Mon. Jul 8th, 2024
Spread the News

Source Lankadeepa:

දූෂණ වංචා සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනාවලට වරදකරු වී, අගමැති ධුරය මෙන්ම, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායකත්වය ද අහිමි වුණු නවාස් ෂරීෆ් ලාහෝරයේ ඉස්ලාමීය සමුළුවකට සහභාගී වී දේශනයක් පවත්වද්දී සපත්තු ප්‍රහාරයකට ලක් විය.

ප්‍රහාරය එල්ල කළේ විශ්ව විද්‍යාල සිසුවෙකි. ඔහු නවාස් ෂරීෆ් දේශනය පවත්වමින් සිටින වේදිකාව අසලට පැමිණ මුහුණට සපත්තුවෙන් දමා ගසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.

ප්‍රහාරය එල්ල කළ විශ්ව විද්‍යාල සිසුවාට නවාස් ෂරීෆ්ගේ ආධාරකරුවන් අමානුෂික ලෙස පහර දුන් බව ද පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)