Mon. Jul 8th, 2024
Spread the News

Courtecy Divaina

නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව විසින් බුදුන්වහන්සේට සහ බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදුකළ දේශනය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කරනු ලැබූ බව කියන බෲතෝ දිවාකර නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (31දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා බෲතෝ දිවාකර නමැත්තාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (31දා) පෙනී සිටින ලෙස දැනුම්දී තිබිණි. ඒ අනුව ඊයේ පෙරවරුවේ දිවාකර නමැත්තා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගෙන ඇති අතර පසුව ඊයේ සවස අත්අඩංගුවට ගන්නා ලදී.

නතාෂා නම් කාන්තාව ඉකුත් අප්‍රේල් මස 01 වැනිදා බෞද්ධාගමට අපහාස වන පරිදි සිදුකළ දේශනය එස්එල්වී ලොග්ස් නමැති සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ බෲතෝ දිවාකර නමැත්තා බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකරු අද (01දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමන්ත රන්දුණු