Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy Democracy Docket

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත.

ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් දන්නෙ නැත.

පර්යේෂණයේ පැවති දුර්වලතා

1. ඇගයීමට තොරතුරු ලබා ගත් නීති ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන වර්ෂය නොවිසමා සහ අදාල අධ්‍යාපන ස්ථානය නොවිමසීම.

2. ඇගයීමට තොරතුරු ලබා ගත් නීතීඥවරුන්ගේ වෘත්තීය වසර ගාණන නොවිසවීම.

3. දින 4ක් පමණ දත්ත ලබා ගැනීමට කාලය වැය කිරීමට සිදුවීම නිසා ඇත්ත නීතිමය තත්ත්වය දත්ත ලබා ගත් අයට දැන ගැනීමට/ සොයා ගැනීමට අවස්ථාව ලැබීම.

4. සම්මුඛ පරීක්ෂණ, ඇගයීම් පත්‍රිකා සහ දුරකථන මාර්ගයෙන් දත්ත ලබා ගැනීම සිඳුකළ හෙයින් ඒකාකාරීව දත්ත ලබා නොගැනීම.

5. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම ගැන නීති අධ්‍යාපන වැඩසටහනක් යොදා ගෙන තිබියදී මෙම ඇගයීම කිරීම.

6. අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අධිකරණ සේවා කොමිසමෙන් යම් බලපෑමක් වෙතැයි කියමින් දත්ත ලබා ගැනීමට සහාය නොදීම.

7. මෙම දත්ත ලබා ගැනීමේදී දත්‍ත ලබා දෙන අය ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් පත්‍රිකා ආපසු ලබා දීම.

8. දුරකථනයෙන් දත්ත ලබා ගැනීමට ක්‍රියා කිරීමේදී අඛණ්ඩව දුරකථන ඇමතුම ලබා ගැනීමට තිබූ දුෂ්කරතාවය සහ දත්ත ලබා දෙන අයට තිබූ කාර්ය බහුලත්වය.

(නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද අධ්‍යාපන විමර්ශනයක සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙනි)

(අධ්‍යාපන පත්‍රිකාව සඳහා විමසන්න)

ෆීනික්ස් නීති සාර සංග්‍රහය
දුරකථන 0342256066, 0342256067, 0712063394.

(පර්යේශන වාර්තව ප්‍රසිද්ධ කිරීම 2023 මැයි 22 (ජනරජ දින) කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශලාවේදී)