Mon. Jul 8th, 2024
Spread the News

දෙමළ සන්ධානයට උතුරු නැගෙනහිර
බලතල ලබාදීමේ යෝජනාවට

ද. අප්‍රිකානු මැදිහත්වීම් බෑ

කීර්ති වර්ණකුලසූරිය source:

දෙමළ සන්ධානයට උතුර හා නැගෙනහිර පළාත්වල බලතල ලබාදීම සඳහා දකුණු අප්‍රිකානු රජය මැදිහත්කරුවකු වීමට කළ ඉල්ලීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණ මෙම ඉල්ලීම කළ දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ ඇමැති ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් මහතා කොටි හිතවාදියකු බවත් ලන්ඩන් නුවර ගෝලීය ද්‍රවිඩ සංසදය සමග දැඩි සබඳකම් පවත්වන්නකු බවත් බුද්ධි අංශ විසින් රජයට අනතුරු අඟවා තිබිණි.

1980 දී ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් කොටි සමඟ එවකට පැවැති රජය සාම සාකච්ඡාවලට යොමු කිරීමටද වැඩපිළිsවෙළක්‌ සකස්‌ කළ අයකු යෑයි හෙළි වී ඇත.

ඔහු මෙරටට පැමිණ ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලඥයන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ද පවත්වා තිබේ.

දකුණු අප්‍රිකානු රජය පසුගියදා පැවැති එරට සංවත්සරයට ද්‍රවිඩ සංධානයට හා බ්‍රිතාන්‍ය කොටි ජාලයටද ඇරයුම් කර තිබූ අතර රජය ඊට සහභාගි වී නැත.

“ඊබ්‍රාහිම් මෙරටට ආවේ නෝර්වේ සාම ක්‍රියාදාමය මෙන් උගුලක්‌ ඇටවීමටයි. එහෙත් රජය දකුණු අප්‍රිකානු උගුල්වලට අසුq වන්නේ නැහැ යෑයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග කීවේය.