Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy Google

ලංකාවේ ජීවත් වෙන සිංහල බෞද්ධයින් හැර හැම ජනවාර්ගික හා ආගමික කොටසක්ම තමන්ගේ අනන්‍යතාවය ආර්ථික හා සමාජයීය දියුණුවටත් වඩා මුල් කොට සලකනවා.

බොහෝ විට ඔවුන්ට එවැනි හැඟීමක් ඇති වෙන්නේ ඔවුන්ව ආගමික හා දේශපාලන වශයෙන් නියෝජනය කරන පූජකවරුන් හා දේශපාලකයින් එම සුළු ජන කොටස් අතර භියක් ඇති කිරීමයි. එය ජනතාව තුළ අනාරක්ෂිත භාවයක් ඇති කරයි.

දශක ගණනාවක් තිස්සේ මෙය විධාරණය වන්නේ වරින්වර ඇතිවන ජන වාර්ගික හෝ ආගමික ගැටුම් ඔස්සේයි.

ඒ ජනතාවගේ සාමකාමී පැවැත්මට බාධාවක්. මේ තත්ත්වය ඇතිවීමට හේතුවන සමාජ විරෝධී දේශපාලන බලවේගවල පැවැත්ම අවසන් කිරීමෙන් මෙකියන ඊනියා ගැටළුවට තිරසාර විසඳුමක් සොයා ගත හැකියි.

– එඩ්වර්ඩ් –
23.03.2023