Fri. Jul 5th, 2024
Spread the News

ජනතාවගේ සැබෑ අරගලය කියන්නේ එකක්.

දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන ඊනියා වෘත්තිය සමිති නායකයින් තමන්ගේ බඩ ගෝත්‍රයේ සඳහා මෙහෙයවන අරගල තවත් එකක්.

පසුගියදා ගාලු මුවදොර පැවති අරගළය ලෝකයේ කොහෙවත් නොතිබුණු ජාතියේ අරගලයක්.

ඒක “බඩගින්නෙ” අරගල කරපු පිරිසට කොළඹ හිල්ටන් හෝටලයෙන් කෑම සහ බීම සපයපු අරගලයක්.

ඒකත් හරියට ප්‍රංශ විප්ලවය කරපු බඩගින්නේ සිටි පීඩිත ජනතාවට 17 වන ලුවී ගේ බිරිඳ මාරි ඇන්ටනට් මහපාරට බැස කේක් බෙදා දුන්න වගේ වැඩක්.

ඉතිහාසය මිනිසුන්ට කැමති කැමති පරිද්දෙන් අර්ථ කථනය කරන්න ඉඩ දුනහොත් අපට ඉතිරි වන්නේ ඉතිහාසයක් නොව දිරා ගිය අතීතයක්

– තෙවෙනි ඇස-
10.05.2023