Mon. Jul 8th, 2024
Spread the News

දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම සමන්ත්‍රභද්‍රද බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම දේවදත්ත ගෞතම බුදුන්ගේ මස්සිනාය. සමන්ත්‍ර බද්ද තක්කඩියෙක් යයි මනාව පෙනේ එයට හේතුව ඒ එකදාගැනීමේ වන දේශනාව කරන කලාවක් මොහු සතු වීම ය. දේවදත්ත විසින් සංඝයා වහන්සේලා භේද කළ බව සඳහන් වේ. සමන්ත්‍රභද්‍ර මෙය දිගටම කරමින් සිටී. දේවදත්ත විසින් කරපු සංඝ භේදය සාර්ථක උනේ නෑ. සමන්ත්‍රභද්‍ර ගේ සංඝභේදය මනාව පැහැදිලිව පෙනුමින් තිබේ. සංඝ භේදයට අමතරව සාසන ද්‍රෝහී ක්‍රියා රාශියක් දැනටමත් කර තිබේ දේවදත්ත විසින් කරපු සංඝ භේදය සාර්ථක නොවීය. මන්ද යත් දේවදත්තගේ අනුගාමිකයන් සියලු දෙනා නැවත බුදුන් වහන්සේ වෙත ආපසු පැමිණි බැවිනි. නමුත් සමන්ත්‍රභද්‍ර ගේ ගෝලයන් ආපහු නියම බුදු දහම පිළිගනීවිද ?. ඔහු පසුපස්සේ ගොස් අනාථ වූ තරුණ තරුණ තරුණියන් රවටා විශාල මුදල් සම්භාරයක් කඩා වඩාගෙන ඒ මදිවට විවිධ අවස්ථාවල විවිධ විවිධ ලෙස ශාසන ද්‍රෝහී ක්‍රියා කොට මහනායක හිමිවරුන්ගේ පවා විනය කටයුතුවලට මැදිවී සමාව ගත් අවස්ථාද ඇත. දේවදත්ත ගැන විස්තර කිරීමේදී නිතරම සඳහන් කරන කරුණක් වන්නේ ඔහු බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට හා ඥාණවන්ත භාවයට ඊර්ෂ්‍යා කළ පුද්ගලයෙකු ලෙසිනි. එමෙන්ම ආගමික ශාස්තෲවරයෙකු වීමේ අවශ්‍යතාවයද ඔහුට තිබුණේය. ඉතින් දේවදත්ත ටත් වඩා එහායින් ගිය උවමනාවක් මේ සමන්ත්‍රභද්‍රට තිබේ තමන් නියමාකාරයෙන් බුදුබණ දන්න ශාස්තෲවරයෙකු ලෙස පෙනීමේ උවමනාවක් මේ සමන්ත්‍රභද්‍ර තිබේ. මොහුට කියන එක් නමක් වන්නේ ව්‍යාජ බුදුහාමුදුරුවෝ යන්නයි.

මේ අද කාලකන්නි යෙකු ලෙස ජීවිතයක් ගත කරන සමන්ත්‍රභද්‍රට පිරිසිදු ධාර්මික ජීවිතයක් ගෙන යමින් බෞද්ධ භික්ෂුවක වීමට ඔහුට මුලින් තිබුණු ආශාව ඇත්තෙන්ම නිර්මල අදහසක් විය හැකිය. නමුත් දැන් මේ මොහු කරන්නේ සාසන ද්‍රෝහී ක්‍රියා මාර්ගයක් ලෙස පැහැදිලිව පෙනේ. මෙය  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාට විරුද්ධව කටයුතු කිරීමක් ලෙස හඳුන්වා දිය හැක. එමෙන්ම බුද්ධ ශාසනයේ සිතාමතා විනාශ කිරීමේ  ප්‍රධාන පිය වෘත්තිය කරන්නා ලෙසද මොහුව හඳුන්වා දිය හැක. පින්වන්ත භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් වැඩසිටින ද මේ පින්බිම තුළ ම වැඩ සිටිමින් මේ භද්‍ර විසින් කරනා අභද්‍ර සංකර වැඩේ නවත්වා දැමීමට කටයුතු කිරීමට කාලය පැමිණ තිබේ.
බුද්ධ ශාසන අමාත්‍යාංශය, මහා නායක හිමිවරු රජය මැදිහත්වී මේ සාසන ද්‍රෝහී භ්‍රෂ්ටයා වලකන ලෙස ඉල්ලමි.


–   හේති රාක්ෂස