Tue. Jul 9th, 2024
Spread the News

දෙමළ දේශපාලන රැඳවියන් සියලුදෙනාට පොදු සමාවක්‌ දෙන්න

– මනෝ ගනේෂන් රජයෙන් ඉල්ලයි

චතුර පමුණුව

දෙමළ දේශපාලන රැඳවියන් සියලු දෙනාටම පොදු සමාවක්‌ ලබාදෙන ලෙස ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණු සාමාජිකයන්ට පොදු සමාවක්‌ ලබාදුන් ආකාරයට දෙමළ දේශපාලන රැඳවියන්ට ද පොදු සමාවක්‌ ලැබිය යුතු බව මනෝ ගනේෂන් මහතා කියයි.

විශේෂ අධිකරණයක්‌ පිහිටුවා දේශපාලන රැඳවියන්ගේ නඩු විභාග කළහොත් එයට වසර ගණනාවක්‌ ගතවන බව ඇමැතිවරයා කීය.

ඊ. පී. ඩී. පී., ටෙලෝ සහ ඊ. පී. ආර්. එල්. එෆ්. වැනි සංවිධානවල නායකයන්ට හා සාමාජිකයන්ට පොදු සමාවක්‌ ලබා දී ඇති බැවින් දෙමළ දේශපාලන රැඳවියන්ට ද පොදු සමාවක්‌ දිය යුතු බව ඇමැතිවරයා කීය.