Spread the News
Image by -Rita- und mit from Pixabay

රජයේ සේවයෙන් සමුගැනීම විශ්රාමයයි. රජයේ සේවය යනු මහජන සේවයයි. පුද්ගලයන් දෙදෙනෙක් මහජන සේවය කල ආකාරය ඔවුන් තම පසු විපරමේදී හෙළි කරන අයුරු පහත ආකාර වේ.

මේ පලමුවනියාගේ ප්‍රකාශය !

මම ඉගෙනගත්තා. සෑහෙන්න මහන්සිවුනා. මට රජයේ රැකියාවක් ලැබුනේ ඒ නිසා. රැකියාව නිසා මම හොඳ විවාහයක් කරගත්තා. හොඳ ගෙයක් හැදුවා. වාහනයක් ගත්තා. ළමයි හොඳ පාසල් වලට දමාගත්තා. ඔවුන්ට හොඳට ඉගැන්වුවා. ඔවුනුත් දැන් ලොකු තැන්වල. ඇතැමෙක් පිටරට. රැකියාව නිසා මම මගේ වැඩටික කරගත්තා. මගේ කටයුතු අවසානයි දැන් මම විශ්‍රාම යනවා.

මේ දෙවැන්නාගේ ප්‍රකාශය !

මම ඉගෙනගත්තා. සෑහෙන්න මහන්සිවුනා. මට රජයේ රැකියාවක් ලැබුනා. හොඳ තැනකින් විවාහ වුනා. ගෙවල් හැදුවා. වාහන ගත්තා. ළමයින්ටත් ඉගැන්වුවා. මා කලේ රාජ්‍ය සේවය වුවත් ඇතැම් කාරනා වලදී මට මගේ මිනිසුන්ට විශේෂත්වයක් දක්වන්නට සිදුවුනා. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය වුවත් මට එහේ මෙහේ කිරීමට සිදුවුවා. සමහර දිනට මට දුරකථන ඇමතුම් ලැබුනා. ඒ මගේ ඉහල නිලධාරීන්ගෙන් පමණක්ම නොවෙයි. මගේ ආගමික මුලස්තානයෙන්.  “ඒ අපේ මිනිහෙක් මේක ගොඩදාන්න”. එවන් අවස්ථාවල ඊට එරෙහිව යාමේ හැකියාවක් මට තිබුනේ නැහැ. රාජ්‍ය සේවයේ නිතිය පොදු වුවත් රාජ්‍ය සේවයේ එහෙම දෙයක් නැතත් මම මගේ සේවා කාලය තුලදී මගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමට සිදුවුනා. එහිදී මට රජයට වාසි වන ආකාරය පසෙක තබා අපට වාසි වන ආකාරයට සේවය ක්‍රියාත්මක කළා. මගේ ළමයි දැන් ලොකු තැන්වල. මම මගේ වැඩටික මෙන්ම අපේ වැඩටිකත් කරගත්තා. දැන් මම විශ්‍රාම යනවා.

මේ දෙදෙනාගෙන් පළමුවැනියා මේ රටේ උරුමක්කාරයෙකි.උරුමක්කරුවාගේ රාජ්‍ය සේවය එලෙසයි. මේ පෙන්වන්නේ වත්මන් උරුමක්කරුවාගේ ස්වභාවයයි. දෙවැන්නා උරුමක්කරුවකු නොවේ. ඒ පෙන්වන්නේ උරුමක්කාර නොවන්නාගේ ක්‍රමයයි.

මේ දෙදෙනාගෙන් ඔබ වැටෙන්නේ කුමන ඝනයටද ? ස්තුතියි !  

– වෛද්‍ය ධම්මික විජේරත්න