Spread the News
Image by Sasin Tipchai from Pixabay

දැන හෝ නොදැන ජාතියක් විනාශ කරනා අයුරු !

මේ දේශනා දෙස ගැඹුරින් බලන්න. මින් දේශනා කරන අය දැන හෝ නොදැන සිදුවන්නේ නව පරම්පරාවක් බිහි වීම වැලැක්වීමය. පුදුමය වන්නේ මේ දේශනා පවත්වන අය බිහිවී සිටින්නේත් එවැනිම වූ ඔවුන් කියන ආකාරයේ කුණු වී ගිය සිරුරු තුලින්ය. මේ අය කියන දේ සත්‍ය නම් බුදු පියාණන් “පුත්තා වත්තු මනුස්සානං” කියා දේශනා කරන්නේ නැත. මුළු ත්‍රිපිටකයේ කොතැනක වත් ගැහැණිය අපවිත්‍ර, කුණු වස්තුවක් යයි දේශනා කර නොමැත. මේ කාගේ නිර්මාණයන්ද ?

ලෝකය පවතී. පැවතීමට ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනාම සහ ඔවුන්ගේ ක්‍රියාවලිය උවමනාය. එකිනෙකා එකිනෙකාට “කුණු” යයි සිතුවහොත් පැවතීම නතරවනු ඇත. ඒ දෙදෙනාගේ ක්‍රියාවලිය නිසා දරුවන් බිහිවේ. ඉන් “සමහරෙක්” පමණක් පින්වන්ත වනු ඇත. ඔවුන් සියල්ලන්ටමමේ පැවතීමේ ක්‍රියාවලිය තේරුම්ගෙන නැවතීමක් සඳහා ක්‍රියාකරනු බැරිය. එසේ සියල්ලන්ටම කල හැකි නම් බුදු කෙනෙකුගෙන් පසුව මිනිස් ප්‍රජාවක් නොමැති වනු ඇත. නැවතීම අරමුණු කිරීමට පැවතීම අනිවාර්යය වේ. උදා; ඔබ බලු කුලකයේ උපත ලබා ඉන් ගැලවිගොස් මිනිස් කුලකයේ නොඉපදුනහොත් නැවතීමේ ක්‍රියාවලියක් ගැන අනුමාන හෝ කල හැකිද ?

මිනිස් ඉතිහාසය පුරාවට ලෝකයේ ඉපදුනු සියලු මිනිසුන් මිනිසුන් හැටියට “වැඩ” පෙන්නුවේ පළමුව මිනිසකු හැටියට ඉපදීම නිසාය. බුදු රජාණන් වහන්සේ පවා මිනිස් කුලකයේ නොඉපදුනා නම් මේ අද සිවුරු  ලා ගත් අයට මෙවැනි අභුත කියමන් සඳහා අවස්තාව උදාවේද ? මේ කියන අයට එවැනි වූ කුණු සිරුරක් සහ එහි නිසි ක්රියාකාරිත්වක් නොමැති වුවා නම් මෙවැනි වූ දෙයක් කීමට වත් ඔවුන්ට අවස්තාවක් ලැබේද ?

ඒ නිසා මෙවැනි වූ දේශනා පැවැත්වීමේදී යමකු බුද්ධිමත් විය යුතුය.

මොවුන් සියල්ලෝම ගිහියන්ට බණ කියා නිවන් දක්කන්නට උත්සාහ කරති. නමුත් තමන් නිවන් පුර යන එක ගැන ඔවුන් උනන්දු නොවෙති.

එයයි පුදුමය.

– වෛද්‍ය ධම්මික විජේරත්න