Wed. Jul 3rd, 2024
Spread the News
SL ARMY

අපි හැමදාමත් විශ්වාස කරන පරිදි දේශපාලනයේදී පමණක් නොව ආරක්ෂක අංශවලත්, පරිපාලන සේවයේත්,
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් ආදී සෑම අංශයකම ක්‍රියාකාරකම් වලට
තොරතුරු පදනම් කරගත් අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි.

එය දම්වැලක පුරුක් මෙන් එකට ඇමිණී තිබිය යුතුයි.

කොහෙන් හෝ එය කැඩුණු විට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජාතික ආරක්ෂාවටයි.

මෙන්ඩිස් මහතා ඒ පිළිබඳව සෑහෙන්න විශේෂඥ දැනුමක් ලබා තිබෙන බව පැහැදිලියි.

රට ගොඩගන්න දේශපාලකයන්ට පමණක් බැහැ.

විශේෂීකරණය වූ දැනුමක් ඇති, දූෂණ වලට හසු නොවූ කෘතහස්ත නිලධාරීන්, සම්පත් කලමනාකරණයේ දක්ෂයින්, විශිෂ්ට ගණයේ බුද්ධි අංශ ක්‍රියාකාරීන්, කායික මෙන්ම මානසික ස්ථාවරත්වයකින් යුත් හමුදා නිලධාරීන්, රටේ නිෂ්පාදන ක්‍රියාවලියට හා සේවාවන්ට සෘජු දායකත්වයක් දිය හැකි උපාධිධාරීන් හා පොතේ ගුරන් නොවන ආචාර්ය මහාචාර්යවරුන්
යුද්ධෙට යන චතුරංගණී සේනාවක් මෙන් ඉදිරිය බලා ගමන් කළ යුතුයි.

දැන් සිදුවන්නේ මෙලෝ රහක් නැති රස්තියාදුකාරයින්, මත් කුඩු ගෙන්වන්නන් සහ අලෙවි කරන්නන්,
කැලෑපාළුවන්, මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ අප ඉහතින් සඳහන් කළ රටේ ජීවනාලිය මෙන්වූ හමුදා නිලධාරීන් හා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ව ඔවුන්ට බැලමෙහෙවරකම් කරන සේවක පිරිසක් ලෙස ළං කර ගැනීමයි.

රට තුළ නීතියේ ආධිපත්‍යය හා ආරක්ෂාව දරුණු අන්දමින් කඩාවැටීමට එක් ප්‍රබල හේතුවක් වූයේ අපරාධකරුවන් නීතිය රැකීමට සිටින පිරිසට අණ දීමට යාමයි.
දේශපාලකයා වසර පහෙන් පහට වෙනස් විය හැක.

නමුත් පරිපාලන නිලධාරීන් හා සන්නද්ධ හමුදාවල නිලධාරීන් විශ්‍රාම යනතුරු ඒ තනතුරේ
රැඳී සිටිය යුතුයි.

ජාතික සැලසුම් ඔවුන් හරහා ක්‍රියාත්මක කර ඒ ප්‍රතිඵල රටේ සෑම පුරවැසියකුටම ලබාදිය යුතුයි.

ලංකාවට හරියන්න නම් බලය බලලෝභී දේශපාලුවන් අතට නොව ජනතාවට ලැබිය යුතුයි.
සමස්ත පරිපාලන ව්‍යුහයත්,සන්නද්ධ හමුදාවන් හා දීප ව්‍යාප්ත ජනතා කොමිටි රටේ සැබෑ පාලනය ඔවුන් අතට පවරා ගත යුතුයි.

එවැනි බලයක් හිමිවූ විට ඔවුන්ට වැරදි කරන දේශපාලකයාගේ කණින් අල්ලා සෙළවිය හැක.

-තෙවැනි ඇස-
30.11.2023