Wed. Jul 3rd, 2024
Spread the News

දරුස්‌මාන් ජිනීවා එයි

ශ්‍රී ලංකාව විරෝධය දක්‌වයි

කීර්ති වර්ණකුලසූරිය source:

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළ මර්සුකි දරුස්‌මාන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය දැඩි විරෝධය මානව හිමිකම් සමුළු නිලධාරීන් වෙත දන්වා ඇත.

දරුස්‌මාන් ජිනීවා ගෙන්වා ඇත්තේ ඇමරිකානු බලධාරීන් යෑයි හෙළිවී තිබේ.

දරුස්‌මාන් නමැත්තා ජිනීවාහිදී ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී රටවල තානාපතිවරුන් හමුවී ඇමරිකානු යෝජනාවට පක්‍ෂ වන ලෙසට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ජිනීවාහි ආරංචි මාර්ග ඊයේ (15 වැනිදා) හෙළි කළේය.

ඔහු පිලිපීන, මැලේසියා සහ තායිලන්ත තානාපතිවරුන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් පත්කළ කමිටුවේ ප්‍රධානියා වූ දරුස්‌මාන් පසුගිය බදාදා (14 වැනිදා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත සංදේශයක්‌ යවමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයන් පවත්වන ලෙස ඇමරිකානු යෝජනාවට ඇතුළත් කරන්නැයි ඉල්ලා ඇත.

“දරුස්‌මාන් මෙලෙස ජිනීවා පැමිණ ඇමරිකාව වෙනුවෙන් කටයුතු කිරීම එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්‌”යෑයි ශ්‍රී ලංකා රජය පෙන්නුම් කර තිබේ.