Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy Ceylon today

https://www.lankaleadnews.com/?p=12421

මගේ පිළිතුර:

PTA එක බොහෝම විවෘත පනතක්. එහි ත්‍රස්තවාදය පිළිබඳ ක්‍රියාකාරකම් වල spectrum එක යාවත්කාලීන කිරීම වැදගත්.

උදාහරණයක් කිව්වොත්; සිංහල බෞද්ධයා තමන් ගේ පරමාධිපත්‍යය බලය භාවිතා කර සිංහල බෞද්ධ ජනාධිපති වරයෙකු පත් කර ගන්නවා.

අන්න ඒ ජනාධිපති වරයාට සමාජ ජාල වෙබ් අඩවි පුවත් පත් ජනමාධ්‍ය ඔස්සේ අපහාස කරනවා. ජනපති කරන කරන දේ අවඥාවට ලක්කරනවා.

තවත් තේරුම් ගන්න ලේසි කළොත්;

ජනාධිපති වරයා තම මුහුණු පොතේ කරන කියන සටහන් සහ ප්‍රකාශ වලට ලොල් ඉමෝජි දානවා.
(ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීම සිදු කළ දවසේ ඉඳලා බලය අතහරිනකම් “😂” ලොල් ඉමෝජි දැම්මා)

පත්වෙලා දින කීපයක් යන විට ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයේ කළා. උස මදි නිසා උඩ පැනලා පොලිසිය සමග පොරබැදුවා.

මේ සියලු ක්‍රියාකාරකම් ආරෝහණ ක්‍රමයට ඉහළ ගියා. 📈

සිංහල ජාතිය තම අභිමතය පරිදි පත් කර ගත් ජනාධිපති වරයා ගේ පැවැත්ම අවරෝහණ ක්‍රමයට පහළ ගියා. 📉

සිංහල බෞද්ධ පරමාධිපත්‍යය බලය ක්‍රමිකව විනාශ වෙන්න ඉඩ හැරීම අපි නිරීක්ෂණය කළා.

නමුත් විරුද්ධ වාදීන් සයිබර් අවකාශයේ දෙමුහුන් යුද්ධය සිංහල ජාතියට එරෙහිව දියත් කර ඇතිබවත් රාජ්‍යයේ ආරක්ෂාව වහාම තහවුරු කර ගත යුතු බව ඒ පිළිබඳ ව්‍යවස්ථාපිත වගකීම් තිබෙන අය දැක්කේ නැහැ.

අද සිංහල ජාතියට සියල්ල අහිමි වෙලා තිබෙනවා. හැබැයි පස්චාත් පරීක්ෂණ පවත්වන නම් බොහෝ පිරිස් ඉන්නවා.

දැන් ආයෙත් ඉමෝජි කතාවට එමු.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මුහුණු පොතේ කිසිදු අයුරකින් අපහාස කර ලියන්න එරට ජනතාව කටයුතු කරන්නේ නැහැ. අඩුම තරමින් එක් ලොල් ඉමෝජි එකක් නැහැ.

ඒකට හේතු දෙකක් මම දැක්කා.

1. ශිෂ්ඨාචාරය තුල ජීවත් වෙන ඉන්දියානුවා තම සංස්කෘතික තුල ජීවත් වීම, සභ්‍යත්වයේ විනයෙන් ආරක්ෂා කිරීම.

2. ඉන්දියාවේ ශක්තිමත් අන්තර් ජාල නීතියක් තිබෙනවා. නීනි බලාත්මක කිරීමේ කොට්ඨාසය සවිඥානක යි. ඒ නිසා ඉතා කාර‌්‍යයක්ෂමයි.

ඒ දක්ෂකම සහ ජනතාවගේ විනය විසින් රාජ්‍යය ආරක්ෂා කිරීම සිදු කරනවා. කිසිම විටක අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස අවභාවිත වෙන්න දෙන්නේ නැහැ.

අසමමිතික ලෙස අනුපාතය වෙනස් වීමක් මගින් රාජ්‍ය අස්ථාවර වෙන්න දෙන්නේ නැහැ.

අපේ රටේ ප්‍රශ්ණය තමයි සම්මා සතිය, සම්මා දිට්ඨිය නැතිකම.

තියෙන්නේ මඩොල් දූව පොත කියවනකොට තිබෙන සුළු අවධානය පමණයි.
©2023|

✍️ ඉන්දික සහභණ්ධු,

භූදේශපාලන නිරීක්ෂක, ආසියානු සහශ්‍රකය