Mon. Jul 8th, 2024
Spread the News

බණ්‌ඩාරගම – ආර්. ඒ. එස්‌. ප්‍රේමතිලක දිවයින

teasමිනිස්‌ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය කලවමි කරමින් තේ කොළ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්‌ වටලා විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 1150 ක්‌ සමගින් එහි කළමනාකරු ඇතුඵ දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය 22 දා පස්‌වරුවේ සමත්විණි.

ලංකා තේ මණ්‌ඩලයේ නිලධාරීන්ද පොලිසිය සමග වැටලීමට එක්‌වී ඇති අතර රසායනික ද්‍රව්‍ය කලවම් කිරීමෙන් පසු තේ කොළවල බර වැඩිවී කළු පැහැ ගැන්වෙන බවත් එය මිනිස්‌ සිරුරට අහිතකර බවත් අවබෝධ කරගත් ලංකා තේ මණ්‌ඩල නිලධාරීන් කර්මාන්ත ශාලාවට මුද්‍රd තැබූ බව පොලිසිය කියයි.

මෙසේ මුද්‍රd තබා ඇත්තේ දැරණියගල පොලිස්‌ වසමේ දෙල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තේ කර්මාන්ත ශාලාවක්‌ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වූවන් අතර හෝමාගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කළමනාකරු සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන දැරණියගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රියෑදුරු සිටින බවත් රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ කැබ් රථය ද පොලිස්‌ භාරයට ගත් බවත් පැවසේ.

ලැබුණු රහසිගත තොරතුරකට අනුව සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක සිරිවර්ධන ඇතුඵ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැටලීම සිදුකර ඇති අතර පොලිසිය කර්මාන්ත ශාලාවට ළඟාවන විට රැගෙන විත් තිබූ රසායනික ද්‍රව්‍ය ගබඩා කරමින් සිටි බැව් පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

300 කට අධික සේවකයන් පිරිසක්‌ කර්මාන්ත ශාලාවේ සේවය කරන බවත් සුළු සේවක පිරිසක්‌ පමණක්‌ මෙම ජාවාරම පිළිබඳ දැනුවත්ව ඇති බවත් මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ බැව් පොලිසිය කියයි.

අනෙක්‌ සේවකයන්ට නොදැනෙන ආකාරයට රසායනික ද්‍රව්‍ය කැබ් රථයකින් ඉතා රහසිගතව කර්මාන්ත ශාලාවට ගෙනවිත් තේ කොළවලට කලවම් කරන බැව් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිවූ බවත් රසායනික ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳ පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

නිෂ්පාදනය කරන තේ කොළ දේශීය වශයෙන් අලෙවි කිරීම මෙන්ම රටවල් කිහිපයකට අපනයනය කිරීම ද සිදුකරන බව පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය. අත්අඩංගුවට පත්ව සිටින කළමනාකරු මීට ප්‍රථම බුලත්සිංහල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකදී තේ කොළවලට රසායනික ද්‍රව්‍ය කලවමි කර විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත සහ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ පරීක්‍ෂක සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් පොලිස්‌ සැරයන්වරුන් වන ජයලත් (428) සහ ජයරත්න (42520) ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ වැටලීමට එක්‌වූහ.