Fri. Jul 5th, 2024
Spread the News

නැහැ ! තෙවැනි ඇස පිළිබඳව කුඩා කල සිට යම් අදහසක් තිබුණද ඒ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා විද්‍යාත්මකව දැනගත්තේ 1979 වසරේ මා ලන්ඩනයේදී මාගේ පර්යේෂණ කටයුතුවලට අවශ්‍ය තොරතුරු අධ්‍යානය කරමින් සිටියදී බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුගේ දේශනයකට සවන්දීමෙන් පසුවයි.

එම දේශනයේ අන්තර්ගතය කිසිම ආගමකට හෝ දාර්ශනික තත්ත්වයකට සම්බන්ධ වී තිබුණේ නැහැ. එය තනිකරම ජීව විද්‍යාත්මක සාධකයක් ලෙසයි දේශනයේදී ඉදිරිපත් කරනු ලැබුවේ.

කුඩා කල සිට ඒ පිළිබඳව උනන්දුවකින් සිටි නිසා, එම මහාචාර්යවරයාගේ දේශනය කිසිම අපහසුවකින් තොරව තේරුම් ගැනීමට හා පිළිගැනීමට මා හට හැකි වුණා.

ඔබ විසින් අසා ඇති අන්දමට පිළිතුරක් ලෙස කිව හැක්කේ එය මානවයාගේ අතින්ද්‍රිය දැනුමට (intuition) පමණක් නොව ප්‍රධාන වශයෙන් හූනාටත්, දෙවනුව කපුටාටත්, විවිධ පක්ෂි වර්ග වලට හා සුනඛයන්ටත් සුවිශේෂී වූ ඉන්ද්‍රියගෝචර සංඥාමය දැනුම් සම්භාරයක් බව එම මහාචාර්යවරයා විසින් පෙන්වා දුන් බවයි.
Lobsang Rampa ඉගැන්වීම් පිළිබඳව මා කිසිදාක උනන්දුවක් දැක්වුවේ නැහැ. ඒ සම්බන්ධයෙන්
අඩු වශයෙන් බුදු දහමේ ඉගැන්වීමක් හෝ ඒ වන විට මගේ මොළයට ඇතුල් වී තිබුණේ නැහැ. වසර ගණනාවක් මා ඒ ගැන හිතුවා. කාය විවච්ඡේදන විද්‍යාව (Physiology of Anatomy) ඔස්සේ ලැබුණ දැනුම පමණක් යොදාගෙනයි ඒ පිළිබඳ මාගේ වර්තමාන දැනුම ගොඩනැගුනේ.
එය කිසිම අවස්ථාවක බුදු දහම සමග ගැටුණේත් නැත. මන්ද බ්‍රිතාන්‍ය මහාචාර්යවරයාගේ ඉගැන්වීම 100%ක්ම භෞතවේදය (Physiology) මත පදනම්ව තිබුණු නිසා. එය දේව විශ්වාසයක් මත පදනම් වී තිබුණේ නම් මම එය එම මොහොතේම බැහැර කරමි.
ස්වභාවික ක්‍රියාවලියක් ප්‍රතික්ෂේප කරන්නා ආගමික උන්මත්තකයෙකි.

-තෙවැනි ඇස-
12.01.2024