Wed. Jul 3rd, 2024
Spread the News

30 වසරක යුද්ධයේ පසුබිම ශ්‍රී අකුරට එහා ගිය දෙයක්.

සුන්දරලිංගම් වැනි දෙමළ වර්ගවාදීන් ශ්‍රී අකුරට විරුද්ධ වුණේ එය සිංහලෙන් ලියු නිසයි.
වාහන වල අංක පුවරු වේ SRI කියා ඉංග්‍රීසියෙන් සඳහන් කළේ නම් ඔවුන් කිසි කෙනෙකු ඊට විරුද්ධ නොවනු ඇත.

ප්‍රභාකරන් විසින් ඝාතනය කළ උතුරේ දෙමළ මන්ත්‍රීවරයෙක් වන දුරෙයි අප්පා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඔහුගේ ප්‍රචාරක රැස්වීම් වලදී “ශ්‍රී ලංකා” නම ලියැවුණේ දෙමළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නිසා උතුරේ අන්තවාදීන් ඒ ගැන කෙළ බිඳක් හෙළුවේ නැත.

දකුණේ සිංහලයින් සහ උතුරේ දෙමළ ජනවාර්ගික කොටස් අතර සමගියක් ඇති වනවා දකින්න බ්‍රිතාන්‍ය පාලකයින් කැමති වුනේත් නැත්ත ක්‍රිස්තියානි හා කතෝලික පල්ලි කැමති වුනේත් නැත.

යටත් විජිත සමයේදී පෘතුගීසි ආක්‍රමණිකයන් හා බ්‍රිතාන්‍ය පාලකයින්ටත් අවශ්‍ය කර තිබුණේ ක්‍රිස්තියානි වූ කළු සුද්දන් ලවා ලංකාව පාලනය කිරීමයි.

දෙමළ කතා කතා කරන පිරිසට ස්වරාජ්‍යය (ඊනියා නිජබිම) ලබාදීමට කරන ලද ප්‍රෝඩාකාරී දැන්ම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා දෙමළ කතා කරන ජනයා සහ සිංහලයන් අතර සමගි සම්පන්න බැඳීමක් ඇතිවීම පූර්ණ වශයෙන්ම වළකා තිබුණා.

තිස් වසරක යුද්ධය යනු අළු යට සැඟවී තිබුණු යටත්විජිතවාදී ක්‍රිස්තියානි ගිනි පුපුරු උඩට මතුවී පැමිණීමක්.

බෞද්ධ හා හින්දු දර්ශන අතර අතීතයේ පටන් පැවතගෙන ආ සහජීවනය තුළ කිසිදාක වර්ගවාදී යුද්ධයක් පැවතීමට ඉඩකඩ තිබුණේ නැහැ.

අඩු වශයෙන් දුටුගැමුණු හා එළාර අතර තිබුණු යුද්ධයටවත් වර්ගවාදී පදනමක් තිබුණේ නැහැ. ඔය කියන අන්දමේ වර්ගවාදී පදනමක් තිබුණේ නම් විජිතපුර සටනේදී එදා දෙමළ ජන සංහාරයක් සිදු වීමට ඉඩ තිබුණා.

ජීවිත විනාශය අවම කර ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් යුද්ධය ද්වන්ධ සටනකට පමණක් සීමා කරන්න විහාරමහදේවි ප්‍රමුඛ සටන් සංවිධායකයින් විසින් තීරණය කර තිබුණා.

ඉතිහාසය ගැන නොදන්නා මෝඩයින්, මෙය ජනවර්ග දෙකක් අතර පැවති යුද්ධයක් ලෙස හුවා දැක්වීමට උත්සහ කලත් අඩු වශයෙන් මෑතක සිදු වූ තිස් වසරක යුද්ධය පවා වර්ගවාදී යුද්ධයක් ලෙස හැඳින්වීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ.

එහෙත් කාදිනල් මැල්කම් රංජිත් ප්‍රසිද්ධියේම ජනමාධ්‍ය වලට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “වසර තිහක් තිස්සේ සිංහල හා දෙමළ මිනිසුන් මරා ගත්තා”
කියායි.

සත්‍ය විකෘති කිරීමට ඉතාමත් දක්ෂ එවන් පුද්ගලයෙකුගෙන්
මීට වඩා දෙයක් අපේක්ෂා කළ හැකිද?

– තෙවෙනි ඇස-