Wed. Jul 3rd, 2024
Spread the News

තිලීපන් කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්. Wikipedia එකට වගේම ක්‍රිස්තියානි පල්ලි වලට ඔහු විප්ලවවාදියෙක්. නීති විරෝධී අන්දමට ඔහුව අනුස්මරණය කරන්න දුබල උත්සාහයක් දැරූ ක්‍රිස්තියානි පල්ලිය ඒ සඳහා තර්කයක් ලෙස ගෙනහැර පෑවේ තිලීපන් මියගියේ හොඳ බෞද්ධයෙක් හැටියටයි කියමින්. 71 සහ 88-89 මිය ගිය තරුණ තරුණියන් 99.9%ක්ම සිංහල බෞද්ධ. පල්ලිය විසින් ඔවුන්ව ජාත්‍යන්තරයට හඳුන්වා දුන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. වෙනකක් තබා බෞද්ධ සාමණේරයන් වහන්සේලා ව කපාකොටා ඝාතනය කරන්නේත් සැබෑ බෞද්ධ භික්ෂූන් පිළිබඳව පල්ලියට ඇති වෛරය නිසයි. යුද්ධය පැවති සමයේ බටහිර රටවල මාධ්‍ය දිගින් දිගටම ප්‍රචාරය කළේ ශ්‍රී ලංකාවේ වර්ගවාදය අවුස්සමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන දමිළ මිනිසුන්ව සමූල ඝාතනයකට ලක් කිරීමට උත්සාහ කරනවා කියලා. තිලීපන්ගෙ “බෞද්ධ කම” ක් ගැන කියා අධිකරණ නියෝගයට පවා එරෙහිව ගොස් ඔහුව සමරන්න පල්ලියට තිබෙන උවමනාව පුදුම සහගතයි. මේ හැම වෛරයකට ම මුළ “ක්‍රිස්තියානි දෙමළ ඊළාම් සිහිනය” ලංකා දෙරණ මත බොඳ වී යාමයි. අවිගත්තෝ අවියෙන් නසී!
-තෙවැනි ඇස-